ලංකා ලේඛක සංගමයට අනුබද්ධව කටයුතු කරන 'රසික පර්ෂදය' කණ්ඩායමේ හමුවක් ඊයේ (18) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ (NADA) පැවැත්විණි.
ශ්රී ලංකා කලා මණ්ඩලයේ ගරු සභාපති කීර්ති වැලිසරගේ, සාහිත්ය අනුමණ්ඩලයේ ගරු සභාපති කමල් පෙරේරා සහ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ගරු සභාපතිනි සුජිවා වර්ණසූරිය යන අය ගේ ප්රධානත්වයෙන් පැවති මෙම හමුවේ දී රසික පර්ෂදයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමේ අරමුණ පෙරදැරිව නව නිලධාරී මණ්ඩලයක් ද පත් කරගත්තේ ය.
මෙම හමුවේ දී නෙප්චුන් ප්රකාශන ආයතනයේ අධිපති සහ පොත් ප්රකාශකයින් ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් කුලතුංග සහ සම්මානනීය ලේඛකයකු සහ කවියකු වන නුවන් තොටවත්ත දෙපළ කෙටි දෙසුම් දෙකක් ද පැවැත්වූහ.
ලාංකීය සාහිත්ය ජාත්යන්තරයට ගෙන යෑමේ වැඩ පිළිවෙළක්
දිනේෂ් කුලතුංග ගේ අදහස් දැක්වීමේ දී ඉදිරිපත් කල යෝජනා අතර වඩාත් වටිනා යෝජනාවක් වූයේ සිංහල භාෂාවෙන් පළ කෙරෙන පොත් ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කර එම කෘති ජාත්යන්තරයට රැගෙන යෑමට විශේෂ වැඩ පිළිවෙළක් සකසා ඇති බව පැවසීම ය.
එහි දී ඔහු ගේ යෝජනාව වූයේ ශ්රි ලාංකික ලේඛක ලේඛිකාවන් සිංහල සහ දෙමළ මාධ්යයෙන් පළ කර ඇති: කවි, කෙටිකතා සහ නවකතා ඉංග්රිසි භාෂාවට පරිවර්තනය කල පසු ඔහු සාමාජාකත්වය දරන ජාත්යන්තර සමාගම වෙත යොමු කර ඔවුන් ගේ අනුමැතිය ලද පසු ඒය ප්රකාහයට පත් කළ හැකි බවයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර දැනගැනීමට සහ මෙම අගනා කර්තව්ය සඳහා සහභාගි වීමට අවශ්ය නම් ලංකා ලේඛක සංගමයේ ගරු ලේකම් කමල් පෙරේරා අමතා අනතුරුව දිනේෂ් කුලතුංග සම්බන්ධ කරගත හැකි ය. මේ පිළිබඳ ශ්රි ලාංකීය ලේඛකක ලේඛිකාවෝ අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.
එමෙන් ම ලාංකීය සාහිත්යයේ ප්රවර්ධනය සදහා ''සංස්කාරක'' කාර්යභාරය කෙතරම් වැදගත් ද යන්න පිළිබඳව ද හෙතෙම පැහැදිලි කළේ ය.
ළමා සහ යොවුන් සාහාත්ය නිර්මාණකරණයට අත්වැලක්
වෛද්ය නුවන් තොටවත්ත ගේ දේශනයේ දී වැඩි අවධානයක් යොමු වූයේ ළමා සාහිත්ය කෘති පිළිබඳව ය.
එමෙන් ම කිසියම් පුද්ගලයකු සාහිත්ය කලාවට ඇල්මක් දක්වන්නේ නම් ඔහු හෝ ඇය ඒ සඳහා ප්රවේශ වීම වෙනුවෙන් කළ යුතු කැපවීම් පිළිබඳව ද හෙතෙම පැහැදිලි කළේ ය; ඒ සියලු පැහැදිලි කිරීම් සඳහා ඔහු ගේ ම පෞද්ගලික අත්දැකීම් ඉදිරිපත් කිරීම වඩා වැදගත් විය.
ඔහු ගේ දේශනයේ දී මතු කළ විශේෂ කරුණක් වූයේ ළමා සහ යොවුන් කෘති රචනයේ දී තත්කාලීන මෙන් ම අදාළ කෘතියට ප්රස්තුත කරගන්නා ප්රදේශ සහ පුද්ගල චරිත කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. එනම් වර්තමාන සමාජයේ යොවුන් සහ ළමා පාඨක ප්රජාව 60 දශකයේ අත්දැකීම් ග්රහනය කරගන්නවාට වඩා ඉක්මනින් තත්කාලීන අත්දැකිම් ග්රහනය කරගන්නා බවයි. එමෙන් ම කාලානුරූපව වෙනස්වන ළමා මනස පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේ ය.

අවසන නව නිලධාරි මණ්ඩලය තොරා පත් කරගත්තේ ය. එහි දී රසික පර්ෂදයේ ගරු ලේකම් ලෙස නදීෂා විජේසුන්දර, ගරු සභාපති ලෙස නිපුණ නුවන්ත, ගරු භාණ්ඩාගාරි ලෙස චතුර වර්ණකුලසූරිය, ගරු උපලේකම් ලෙස සමිල විදානගේ, ගරුඋප සභාපති ලෙස දේශිකා, පත් කරගැනිමෙන් අනතුරුව කාරක සභිකයින් හත් දෙනකු ද තෝරා පත් කරගත්තේ ය.
කාලානුරුපව වෙනස්වන සමාජයත් සමග සාහිත්ය කලා කටයුතු වෙනුවෙන් නව පරපුර ඉදිරිපත් වීම ම ඉතා සතුටට කරුණකි. ඒය නව ලේඛක ලේඛිකාවන් බිහි විමට ද මං පැදෙන්නකි. ඒබැවින් මෙම රසික පර්ෂදය වඩ වඩාත් වැඩදායි පර්ෂදයක් ලෙස පවත්වාගෙන යැම සියලු දෙනාගේ ම වගකිමක් බව සියලු දෙනා ම අවබෝධ කරගත යුතු ය.




