The Leader News
BREAKING
මහින්දගේ දේශපාලන චාරිකාව රිදී තිරයට●කස්සප හිමි සිද්ධිය සහ ඥානසාර හිමිගේ නෛතික අර්බුදය ගැන එජාපයෙන් ප්‍රශ්න වැලක්●අග්බෝ සොයන්න හමුදාව; වනඅලි ඝාතන ගැන CID පරීක්ෂණ●කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියෝ අපවත් වෙති●අධිකරණ තීන්දුවලට රජය පූර්ණ ලෙස යටත්: ජනපති●30,000ක ගුරු පත්වීම් සහ 17,000ක සම්මුඛ පරීක්ෂණ: ආණ්ඩුව සහ වෘත්තීය සමිති දෙපැත්තක●ප්‍රංශය පුරා ප්‍රචණ්ඩ විරෝධතා: 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!●මට වුවමනා වුණේ සමාජ ප්‍රශ්න පිළිබඳ මගේ අදහස කියන්න - ලයනල් වික්‍රමආරච්චි (වීඩියෝ)●සර්බියානු ටෙනිස් ක්‍රීඩකයාට වසර 24ක ක්‍රීඩා තහනමක්!●මීගමුවේ ‘අද දුටුවා’ මාළුවාගේ ඇත්ත නම මෙන්න!●
Top Ad
සාහිත්‍ය - කලා

මට වුවමනා වුණේ සමාජ ප්‍රශ්න පිළිබඳ මගේ අදහස කියන්න - ලයනල් වික්‍රමආරච්චි (වීඩියෝ)

කෙටිකතාවක් යනු සාපේක්ෂව කෙටි කාලවේලාවක් තුළ (එකදිගට) කියවා නිම කළ හැකි, එක් ප්‍රධාන සිද්ධියක් හෝ තේමාවක් මූලික කරගත් ගද්‍ය ප්‍රබන්ධයකි.

Pasan

Pasan

October 18, 2026 • 7:42 PM

මට වුවමනා වුණේ සමාජ ප්‍රශ්න පිළිබඳ මගේ අදහස කියන්න - ලයනල් වික්‍රමආරච්චි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙටිකතාවක් යනු සාපේක්ෂව කෙටි කාලවේලාවක් තුළ (එකදිගට) කියවා නිම කළ හැකි, එක් ප්‍රධාන සිද්ධියක් හෝ තේමාවක් මූලික කරගත් ගද්‍ය ප්‍රබන්ධයකි.
  • වචන ප්‍රමාණය: සාමාන්‍යයෙන් කෙටිකතාවක වචන 1000 සිට 20,000 දක්වා පරාසයක පවතී (විද්‍යා ප්‍රබන්ධ යනාදි ශානරවලදී මෙය වෙනස් විය හැකි ය) ''කෙටිකතාව යනු කුමක්ද…?'' යැයි Google වෙතින් විමසුවා ම ලැබෙන පිළිතුර තමයි යට සඳහන් කරේ.
  • හැබැයි මේ වෙද්දි විශ්ව සාහිත්‍යයේ කෙටිකතාව මේ නිර්නායක අභිබවමින් ඉදිරියට ගමනු කරල තියෙනවා.
  • එහෙම තියෙන අතරතුර ම මේ නිර්නායක් (වුවමනාවෙන් හෝ නොදැනුවත්ව ම) ආරක්ෂා කරගෙන ලියපු කෙටිකතා අපිට හමුවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙටිකතාවක් යනු සාපේක්ෂව කෙටි කාලවේලාවක් තුළ (එකදිගට) කියවා නිම කළ හැකි, එක් ප්‍රධාන සිද්ධියක් හෝ තේමාවක් මූලික කරගත් ගද්‍ය ප්‍රබන්ධයකි.

කෙටිකතාවක ප්‍රධාන ලක්ෂණ

  • එකම සිද්ධියක් හෝ තේමාවක්: නවකතාවක් මෙන් දිගු කතා පුවතක් නොමැතිව, එක් නිශ්චිත අත්දැකීමක් හෝ ජීවිතයේ එක් පැතිකඩක් ("ජීවිතයෙන් පෙත්තක්") මෙහි නිරූපණය වේ.
  • සීමිත චරිත සංඛ්‍යාවක්: ප්‍රධාන චරිතයක් හෝ සුළු චරිත ප්‍රමාණයක් පමණක් කතාව තුළ ක්‍රියාත්මක වේ.
  • නාට්‍යමය ව්‍යුහය: හැඳින්වීමක්, ගැටුමකට මඟපෑදීමක්, ගැටුම උච්ච වීමක් සහ ගැටුම නිරාකරණය වීමක් සාමාන්‍යයෙන් කෙටිකතාවක අන්තර්ගත වේ.
  • කාලය සහ අවකාශය: සිදුවීම් සිදුවන කාලය සහ ස්ථානය සීමිත ය.
  • වචන ප්‍රමාණය: සාමාන්‍යයෙන් කෙටිකතාවක වචන 1000 සිට 20,000 දක්වා පරාසයක පවතී (විද්‍යා ප්‍රබන්ධ යනාදි ශානරවලදී මෙය වෙනස් විය හැකි ය)
     

''කෙටිකතාව යනු කුමක්ද…?'' යැයි Google වෙතින් විමසුවා ම ලැබෙන පිළිතුර තමයි යට සඳහන් කරේ.

හැබැයි මේ වෙද්දි විශ්ව සාහිත්‍යයේ කෙටිකතාව මේ නිර්නායක අභිබවමින් ඉදිරියට ගමනු කරල තියෙනවා. එහෙම තියෙන අතරතුර ම මේ නිර්නායක් (වුවමනාවෙන් හෝ නොදැනුවත්ව ම) ආරක්ෂා කරගෙන ලියපු කෙටිකතා අපිට හමුවෙනවා.

මේ නිර්නායක කෙසේ වෙතත් කෙටිකතාව තුළින් අපි අත් දුටු, අත් දකින සමාජ ආර්ථික සහ දේශපාලනයේ සාධනීය සහ නිෂේධනිය තැන් තමන් ගේ සාහිත ශක්‍යතාවෙන් ඉදිරිපත් කරන ලේඛක ලේඛිකාවො විසින් රචිත කෙටිකතා අපි වුවමනා තරම් කියවලා තියෙනවා; විඳලත් තියෙනවා.

ලයනල් වික්‍රමආරච්චි කියන්නෙ මම මේ යට සඳහන් කරපු ආකාරයේ කෙටිකතා රචකයෙක්.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන ඔහු සිය කුලුඳුල් කෙටිකතාව මේ වන විට පාඨක ප්‍රජාව අතට පත් කරලා තියෙනවා. ඒ කෙටිකතා හුදු කතන්දරවලට පමණක් සීමා කරන්න බැහි කියලයි මගේ අදහස. ඔහුගේ සමස්ත නිර්මාණය ඇතුළෙ: ගොවි අසුවැන්න කුණු කොල්ලයට මිලදී ගැනීම සම්බන්ධයෙන්, වන අලි ප්‍රහාර සම්බන්ධ යථාර්ථය, රාජ්‍ය ව්‍යහයේ පවත්නා බරපතළ අඩුපාඩු, අකාරුණික වෛද්‍යවරු, අසරණ රෝගීන් සහ කාරුණික හෙද නිලධාරිනියන් පිළිබඳව, සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි පවතින ගැටලුව, මනුෂ්‍යයකුට මනුෂ්‍යයකු සේ නොසැලකිම සහ තමන් ගේ ඉලක්කය කරා ගමන් කිරීම මිනිස්සු පෙලඹෙන ආකාරය, යුද විරුවන් හෙවත් රණවිරු නාමයේ කටුක යථාර්ථය, පන්සල ඇතුළත සහ උතුරේ සහ දකුණේ වීරයෝ වගේ ම ජාතිවාදීන් ගේ වැරැදුණු කුරුමානම් යනාදි අනුභුති කතුවරයා සිය නිර්මාණ සඳහා ප්‍රස්තුත කරගන්නවා.

ඉතිං අද අපි The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාවට කැඳෙව්වෙ මේ යට සදහන් කළ කෙටිකතාකරුවා.

මතු පළ වෙන්න The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ලයනල් වික්‍රමආරච්චි කෙටිකතාකරුවා කරපු සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ විඩියෝව.

https://www.youtube.com/watch?v=hkhMoen_K-A&t=562s

සටහන - ජයසිරි අලවත්ත

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...