The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ලංවිම අද සිට අකුරට වැඩ; 'සති 2කින් විසඳුම් නොලැබුණොත් දැඩි තීරණයක්'- වෘත්තීය සමිති එකමුතුව

T

The Leader Desk

September 4, 2025 • 3:44 AM

ලංවිම අද සිට අකුරට වැඩ; 'සති 2කින් විසඳුම් නොලැබුණොත් දැඩි තීරණයක්'- වෘත්තීය සමිති එකමුතුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදිව කර සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් 24ක් පදනම් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට මණ්ඩලයේ සියලු වෘත්තීය සංගම් තීරණය කර තිබෙන බව ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක රාමනායක පැවසීය.
  • පළමු අදියර යටතේ මෙම මස 15 වන දා දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමටත් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් දෙවැනි අදියරේ ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය ක්‍රියා මාර්ගයකට යෑමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව දැනුම් දෙන බවත් සඳහන් කළේ ය.
  • ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙය විසඳෙයි කියන බලාපොරොත්තුව තිබෙන බවත් මැදිහත්ව ගැටලුව විසඳන තෙක් තම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන බවත් ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජිකයා පැවසීය.
  • ප්‍රතිව්‍යුහගත කරණයෙන් පසු ඇති කෙරෙන සමාගම් ව්‍යුහය, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට ප්‍රකාශ කර තිබුණත් සේවකයන් සමාගම් වලට අනුයුක්තකිරීමේ ලිපි නිකුත් කිරීමට ආරම්භ වූ පසු ප්‍රශ්නය ඔඩු දිවීමට පටන්ගත් බවත් හෙතෙම පැවැසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදිව කර සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් 24ක් පදනම් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට මණ්ඩලයේ සියලු වෘත්තීය සංගම් තීරණය කර තිබෙන බව ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක රාමනායක පැවසීය.

පළමු අදියර යටතේ මෙම මස 15 වන දා දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමටත් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් දෙවැනි අදියරේ ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය ක්‍රියා මාර්ගයකට යෑමට බලාපොරොත්තු වන බවත් එම ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව දැනුම් දෙන බවත් සඳහන් කළේ ය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමේදී විදුලිය බිඳ වැටීමි යථා තත්ත්වයට පත්කිරීමේදී යම් යම් ප්‍රමාදයන් ඇති විය හැකි බවත් පැවැසූ ධනුෂ්ක රාමනායක, තම වෘත්තීය ක්‍රියාමාර්ගය ඇරඹුවේ මහජනතාව අපහසුතාවට පත්කිරීමට නොව වෘත්තීය සංගම් කෙරෙන ඉල්ලීම්වලට සාධනීය මැදිහත්වීමක් ලබා ගැනීමට බවත් එම සාධනීය මැදිහත්වීම කළ හැක්කේ ජනාධිපතිවරයාට බවත් සඳහන් කළේ ය.


ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙය විසඳෙයි කියන බලාපොරොත්තුව තිබෙන බවත් මැදිහත්ව ගැටලුව විසඳන තෙක් තම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන බවත් ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජිකයා පැවසීය.

වාචිකව එකඟතාවවය කඩකරලා

ලංවිම වෘත්තීය සමිති සහයෝගීතාවයෙන් යුතුව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට අවස්ථා කිහිපයකදී ම වාචිකව එකඟතාව පළ කර ඇති නමුත් ඒ ඇති කරගත් එකඟතාවන් කඩ කරමින් සංශෝධිත පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් මේ වන විට අදාළ ප්‍රතිව්‍යුහගත කරණ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින බවත් වෘත්තීය සංගම් නියෝජිතයෝ පැවැසූහ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත 2024 පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු පනත ක්‍රියාත්මක කරවීමට පෙර ආණ්ඩු මාරුවීම සිදු වී ඉන්පසු බලයට පත් වූ වත්මන් ආණ්ඩුව කලින්ට වඩා ජනතා හිතවාදී අයුරින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව සඳහන් කළ බවත් කම්කරුවන්ගේ හා කාර්මික සේවක සංගමයේ සභාපති පරාක්‍රම රණවීර සඳහන් කළේය.

ප්‍රතිව්‍යුහගත කරණයෙන් පසු ඇති කෙරෙන සමාගම් ව්‍යුහය, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට ප්‍රකාශ කර තිබුණත් සේවකයන් සමාගම් වලට අනුයුක්තකිරීමේ ලිපි නිකුත් කිරීමට ආරම්භ වූ පසු ප්‍රශ්නය ඔඩු දිවීමට පටන්ගත් බවත් හෙතෙම පැවැසීය.

මේ ලිපි ලැබීමෙන් පසු සේවකයන් සියලු දෙනා එම ලිපිවල අඩුපාඩු පෙන්වාදී ලිපි නිවැරදි කර දෙන ලෙස ඉල්ලා සිටියත් බලශක්ති අමාත්‍යාංශයෙන් එම ඉල්ලීම සම්පුර්ණ නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සියලු විදුලි වෘත්තීය සංගම් තීරණය කළ බව ඔහු පැවසීය.

''ප්‍රතිව්‍යුහගතකරණයේ වාසිය ජනතාවට ලැබිය යුතුයි''

විදුලිබල මණ්ඩලය නිවැරදිව ප්‍රතිව්‍යුහගතකරණයක් වෙනුවෙන් විදුලි වෘත්තීය සංගම් පෙනී සිටි බවත් එම ප්‍රතිව්‍යුහගතකරණයේ වාසිය ජනතාවට ලැබිය යුතු නමුත් එවැනි දෙයක් මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළින් දැනට පෙනෙන්නට නැතැයි තාක්ෂණික ඉන්ජිනේරු හා අධිකාරි සංගමයේ සම ලේකම් නාලක බාලසූරිය පැවසීය.

කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (සැප්. 3) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී විදුලිබල මණ්ඩල වෘත්තීය සංගම් නියෝජිතයන් මේ බව සඳහන් කළ අතර මෙහිදී විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්, සංගමයේ සභාපති කෝසල අබේසිංහ, නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත්, ජාතික සේවක සංගමයේ සුළු ලේකම් අපිත් දේවප්‍රිය, කම්කරුවන්ගේ හා කාර්මික සේවක සංගමයේ සභාපති පරාක්‍රම රණවීර ද මෙහිදී අදහස් දැක්වූහ.


(mawbima | Anura Balasooriya)


සබැඳි පුවත් :

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් නිවේදනයක්

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යුහගත කෙරේ

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...