The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් සඳහා තවත් කෝටි 2කට ආසන්න මුදලක් අනුමතයි

T

The Leader Desk

October 14, 2025 • 10:22 AM

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් සඳහා තවත් කෝටි 2කට ආසන්න මුදලක් අනුමතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැනීම් විශේෂඥයන් පවසන්නේ මුදල් ලැබී ඇති නමුත් මේ වන විට ප්‍රදේශයට වැසි වැටීම හේතුවෙන් සිත්තුපාත්ති සමුහ සුසානයේ මීලග අදියරේ කැනීම් කටයුතු මේ මොහොතේ ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි.
  • යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 13 වැනි සදුදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගෙන තිබුනි.
  • අධිකරණ කටයුතු නිමා වීමෙන් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පූරණී ජෝසප් මරියනායගම් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත්තේ කැනීම් කටයුතු වෙනුවෙන් ඉල්ලා තිබු රුපියල් ලක්ෂ 190 ක මුදල ලැබී ඇති බවයි.
  • කැනීම් භුමියේ ඇතැම් ස්ථාන වල ඒ වන විටත් වැසි ජලය රැදී පැවැති ඇති අතර මේ දිනවල ප්‍රදේශයට වැසි ඇද හැලෙන බැවින් මේ මොහොතේ කැනීම් කටයුතු ආරම්භ කළ නොහැකි බව කැනීම් කටයුතු භාර විශේෂඥයන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කැනීම් විශේෂඥයන් පවසන්නේ මුදල් ලැබී ඇති නමුත් මේ වන විට ප්‍රදේශයට වැසි වැටීම හේතුවෙන් සිත්තුපාත්ති සමුහ සුසානයේ මීලග අදියරේ කැනීම් කටයුතු මේ මොහොතේ ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි.

යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2025 ඔක්තෝබර් 13 වැනි සදුදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ විභාගයට ගෙන තිබුනි.

 

අධිකරණ කටයුතු නිමා වීමෙන් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) නීතිඥ පූරණී ජෝසප් මරියනායගම් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී ඇත්තේ කැනීම් කටයුතු වෙනුවෙන් ඉල්ලා තිබු රුපියල් ලක්ෂ 190 ක මුදල ලැබී ඇති බවයි.

 

“කැණීම් කටයුතුවල තෙවැනි අදියර සඳහා අපට මුදල් ලැබී තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි රුපියල් මිලියන 19 ක මුදල් ලැබිලා  තිබෙනවා.”

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අධිකරණ කටයුතු නිමා වීමෙන් පසු යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්, නීතිඥයන්, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන්, කැනීම් විශේෂඥයන් සමග ගොස් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසාන භුමිය නිරීක්ෂණය කළ බවයි.

කැනීම් භුමියේ ඇතැම් ස්ථාන වල ඒ වන විටත් වැසි ජලය රැදී පැවැති ඇති අතර මේ දිනවල ප්‍රදේශයට වැසි ඇද හැලෙන බැවින් මේ මොහොතේ කැනීම් කටයුතු ආරම්භ කළ නොහැකි බව කැනීම් කටයුතු භාර විශේෂඥයන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.

2025 නොවැම්බර් 3 වැනිදා මෙම නඩුව යළි කැදවීමට මහේස්ත්‍රාත්වරයා දින නියම කර ඇත.

මීට ඉහත අනුමත කරගත් මුදල් වලින් දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල්  නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු  ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.

 

ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...