9ට පැවැත්වේ.
"ඔබේ මතය දරන්න'' - ''ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු" යන තේමාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර සියලු බලමුළු එකට එක්වන තෝතැන්නක් ලෙස මෙවර එජාප සංවත්සර සැමරුම හඳුන්වා දිය හැකි බවයි.
ජාති ආගම් කිසිදු භේදයක් නොසලකා සියලු දෙනා එක් කරන පක්ෂයක් ලෙස එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය අදත් සියලු පාර්ශව එක් කරන " මහ ගෙදරක්" බවට පත්වීම සුවිශේෂී කාරණයක් වන්නේ යැයිද රුවන් විජයවර්ධන කීය.
එජාප සම්මේලනයට සජිත් නෑ !
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ වලට ආරාධනා කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසීය.
කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
නමුත්, එම පක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම අවස්තාවට සහභාගී වීමට නියමිතය.
මෙම සංවත්සර රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන් පිරිසක් සහභාගි වීමට නියමිත බවද වාර්තාවේ.




