ළඟදීම රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන නව සිරකරුවන් දෙසීයක් සඳහා ඉඩකඩ සැලසීම පිණිස මෙම තීරණය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද එම දැන්වීමේ සඳහන්ය.
ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින රිමාන්ඩ් සිරකරුවන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කොට අදාල ඉඩ කඩසැලසීමට බන්ධනාගාර බලධරයන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ.




