තමන් වහන්සේ උපවාසයක් කරන්නේ යැයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රතන හිමියන් පවසා ඇතත් එසේ කරන්නේ කුමන ස්ථානයකදැයි පැහැදිලි නොකර දළදා මාලිගාවේ උඩ මළුවේ රතන හිමියන් උපවාසය ආරම්භ කර ඇති බව එම නිකාය හිමිවරුන් කියා සිටිති.
මේ සම්බන්ධයෙන් අද දිනයේ රැස්වීම් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම හිමිවරුන් කියා සිටිති. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද යම් ප්‍රමාණයක දැනුවත් කිරීමක් දැනටමත් සිදු කර තිබේ.
ශ්‍රී දළදා මාලිගාවේ උඩ මළුවේ සිදු කරන ලද උපවාසය හේතුවෙන් එම පූජනීය ස්ථානයේ අනවශ්‍ය කෑකෝ ගැසීම්, හූ කීම්, වෛරී සහගත ප්‍රකාශ මෙන්ම ස්ථානය දැඩිලෙස අපිරිසුදු වීමක් සිදුව ඇතැයි ද දළදා මාලිගාවේ භාරකරුවන් වන අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ට මාලිගාවේ තේවා කටයුතු කරන්නන් විසින් පෙන්වා දී තිබේ.
මීට පෙර කිසිදු අවස්ථාවක දළදා මාලිගාව මේ ආකාරයේ අවභාවිතාවී නැති බවද ඔවුන් මහනාහිමිවරුන්ට පෙන්වා දී ඇත.
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් වන් දළදා මාලිගාව උඩ මළුවේ සිට වෛරී සහගත ප්‍රකාශ සිදු කිරීම, සියදිවි නසාගැනීමට උත්සාහ දැරීම ආදී කටයුතු සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එය බුද්ධ දර්ශනයේ මුලික හරයන්ට අනුකූල නොවන බවත් රතන හිමියන්ගේ උපවාසය සහමුලින්ම දේශපාලනික වුවමනාවක් වෙනුවෙන් කරන ලද කටයුත්තක් යයිද නිකායන්හි ප්‍රධාන හිමි වරුන්ගේ මතය වී ඇත.
අති පුජ්‍ය කාදිනල් MR හිමියන්ටත් චෝදනා !
මෙසේ මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදය උසි ගැන්වූ රතන හිමියන්ට සහය පලකිරීමට අති පුජ්‍ය කාදිනල් MR හිමිපානනන් දළදා මාලිගා භූමියට පැමිණි අතර එය මේ වනවිට ඒ සම්බන්ධයෙන් උන්වහන්සේට කතෝලික ප්‍රජාවේ පවා දැඩි විවේචනයට ලක්ව ඇත.
රතන මන්ත්‍රී හිමියන්ගේ 'මාරාන්තික උපවාස' නාඩගම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වී ඇති අතර එහි එක් පොස්ටුවක මෙසේ සඳහන්වේ.
''කිව්වට තරහ වෙන්න එපා රතන හිමියන්ගේ ගොන් වැඩෙන් ලංකාවේ ISIS ලා ගැන ඔත්තුවක් දෙන්න හරි හිටපු මුස්ලිම් මිනිස්සු ටිකත් අපට නැති වුනා''
රතන මන්ත්‍රී හිමියන්ගේ දේශපාලන නාඩගම ඊට සහය පලකළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන් ද ඊයේ (04) දැඩි විවේචනයට ලක්කර තිබිණ.
ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති ප්‍රියන්ත හේවගේ (මාතලන්), ''ඉතින් ඕයි..., මංගල කියපු දේම නේ...,අපේ උන්නාන්සෙත් කියන්නේ....'' යයි සඳහන් කර තිබේ.
ඒ අතර දයා නෙත්තසිංහ සිය FB පිටුවට සටහනක් තබමින් විමසන්නේ, ''තක්කඩිකමට සාදුකාර දුන් අයට සනීපද දැන්...'' කියාය.



