The Leader News
BREAKING
Top Ad
පුවත්

මෛත්‍රී සමුගැනීම නිවේදය කරයි: සජිත්ට සහාය දෙන බවට සහතිකයක්!

T

The Leader Desk

June 5, 2019 • 7:46 AM

මෛත්‍රී සමුගැනීම නිවේදය කරයි: සජිත්ට සහාය දෙන බවට සහතිකයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පිළිබඳව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැනුම් දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන්ට සහාය නොදක්වන බවයි.
  • එසේම එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට සහාය ලබාදීමට තමා සුදානම් යැයි ද මෙහිදී පවසා ඇත.
  • එසේම ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාස පහක පමණ කාලයක් බවත්, ඒ සඳහා එජාපය තවමත් කිසිදු සුදානමක් නැතැයි පවසූ ජනාධිපතිවරයා ඔවුන්ට දොස් පැවරීමක් ද සිදුකර ඇත.
  • සියලු භේද පසෙකලා ඉදිරි ජනාධිපතිවරණය සඳහා කඩිනමින් සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරැන්ට දැනුම් දීමක් ද මෙහිදී සිදු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ පිළිබඳව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැනුම් දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී රාජපක්ෂවරුන්ට සහාය නොදක්වන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට සහාය ලබාදීමට තමා සුදානම් යැයි ද මෙහිදී පවසා ඇත.

එසේම ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් මාස පහක පමණ කාලයක් බවත්, ඒ සඳහා එජාපය තවමත් කිසිදු සුදානමක් නැතැයි පවසූ ජනාධිපතිවරයා ඔවුන්ට දොස් පැවරීමක් ද සිදුකර ඇත.

සියලු භේද පසෙකලා ඉදිරි ජනාධිපතිවරණය සඳහා කඩිනමින් සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරැන්ට දැනුම් දීමක් ද මෙහිදී සිදු කර ඇත.

මේ සම්බන්ධයේන අප හා අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු පවසා සිටියේ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහාය දක්වන බව මීට පෙර  පවසා ඇති බවයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...