The Leader News
BREAKING
Top Ad
පුවත්

මංගලට හා රාජිතට 'තහනමක් පැනවු හිමිනම ළමා අපචාරකයෙක් !

T

The Leader Desk

June 5, 2019 • 3:11 PM

මංගලට හා රාජිතට 'තහනමක් පැනවු හිමිනම ළමා අපචාරකයෙක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම මැති ඇමතිවරුන්ට එරෙහිව ඊයේ (04) දිනයේ එවැනි තීරණයක් ගෙන ඇත්තේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය යි.
  • ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් විසින් මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.
  • වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව අධිකරණය තීන්දු කළේය.
  • එහෙත් එහිමියන්ට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සෝමරතන හිමියන් නිවැරදි කරු බව අධිකරණයේ නිගමනය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම මැති ඇමතිවරුන්ට එරෙහිව ඊයේ (04) දිනයේ එවැනි තීරණයක් ගෙන ඇත්තේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය යි. ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් විසින් මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.

මෙම පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ වැඩවසන සමයේදී එම විහාරස්ථානයට පැමිණි නව හැවිරිදි බාල දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු වී ලන්ඩනයේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම වූවෙකි.

1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව අධිකරණය තීන්දු කළේය.

එහෙත් එහිමියන්ට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සෝමරතන හිමියන් නිවැරදි කරු බව අධිකරණයේ නිගමනය විය.

පහලගම සෝමරතන හිමියන් ගේ නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කර තිබිණ.

එමෙන්ම මින් මතුවට සෝමරතන හිමියන්ට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කර තිබිණ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ බුදු මැදුරේ බුදු රුව අබියස මෙම දැරිය දුෂණය කල සොමරතනයෝ, “මේ සිද්ධිය පිළිබඳව මවට හෙළි කල හොත් ඇය අතිශය වේදනාවට පත් වනු ඇති බව ද දැරියගේ පියා මරණයට පත් වන බව ද පවසමින් දැරිය භීතියට පත් කර, බුදු රුව පාමුල මෙම බිහිසුණු අපරාධය සිදු කළ අතර, ඒ පිලිබඳ කිසිදු පසුතැවීමකින් තොරව හැසිරෙන ආකාරය චිශ්මය දනවන බව” තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු වරයා ප්‍රකාශ කර තිබිණ.

 

මුලාශ්‍ර පුවත් :

Sri Lanka's hidden scourge of religious child abuse

සෝමරතන හිමි ළමා අපචාර චෝදනා වලට වැරදිකරු වෙයි

සෝමරතන හිමියන්ට වසර හතක සිර දඬුවම්

ළමා ලිංගික අපචාරකයන්ගේ ලැයිස්තුවක් සකස් කරනවා - ළමාරක්ෂක අධිකාරිය

පහලගම ළමා නිවාසය ගැන ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...