The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු පොලිස්පති අද 'වමාරයි' ද?: රනිල් හා මහින්ද ගැන ජනපතිට සැකයක්!

T

The Leader Desk

June 6, 2019 • 3:56 AM

හිටපු පොලිස්පති අද 'වමාරයි' ද?: රනිල් හා මහින්ද ගැන ජනපතිට සැකයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැතිවරයා විසින් එය තමාව 'කොටු කිරීම' සඳහා ඇටවූ දේශපාලන කුමන්ත්‍රණයක් බවට සැක මතුකර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
  • පසුගිය ජුනි 03දා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.
  • මෙම රැස්වීම කැඳවා ඇත්තේ, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී බුද්ධි අංශ රහස් තොරතුරු ලෝකයා හමුවේ අනාවරණය වීමේ අර්බුදය සාකච්ජා කිරීම සඳහා ය.
  • මෙම කමිටුවේ අරමුණ තමන්ට නොතේරෙන බව නීතිපති දප්පුල ලිවේරා මහතා එහිදී ප්‍රකාශ කළ අවස්ථාවේදී, ''මට නම් ඕක හොඳට තේරෙනවා, අගමැතිතුමා මේ හදන්නේ මාව අමාරුවේ දාන්න'' යයි ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අගමැතිවරයා විසින් එය තමාව 'කොටු කිරීම' සඳහා ඇටවූ දේශපාලන කුමන්ත්‍රණයක් බවට සැක මතුකර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

පසුගිය ජුනි 03දා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග වලට අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, නිතිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS), ත්‍රීවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති, රහස් පොලිසියේ ප්‍රධානින්, පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානියා හා රජයේ බුද්ධි අංශ ප්‍රධානින් ද සහභාගී ඇතැයි පැවසේ.

මෙම රැස්වීම කැඳවා ඇත්තේ, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී බුද්ධි අංශ රහස් තොරතුරු ලෝකයා හමුවේ අනාවරණය වීමේ අර්බුදය සාකච්ජා කිරීම සඳහා ය.

මෙම කමිටුවේ අරමුණ තමන්ට නොතේරෙන බව නීතිපති දප්පුල ලිවේරා මහතා එහිදී ප්‍රකාශ කළ අවස්ථාවේදී, ''මට නම් ඕක හොඳට තේරෙනවා, අගමැතිතුමා මේ හදන්නේ මාව අමාරුවේ දාන්න'' යයි ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි පැවසේ.

''ඔය කමිටුවට දාලා ඉන්නේ අගමැතිතුමාට හිතවත්ම අය .. එයාලට ඕන පාස්කු ඉරිදා ප්‍රහාරය මම කලින් දැනගෙන හිටියා කියලා කව්රු ලවා හෝ කියවගෙන දේශපාලන වාසියක් ගන්න. මේකට රාජපක්ෂලත් හවුල්. මම ඒගැන හොඳට දන්නවා. ඔය කුමන්ත්‍රණවලට මම ඉඩතියන්නේ නැහැ .. මම මේගැන කතානයකතුමට කතා කරනවා '' යයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇතැයි පැවසේ.

මෙම කුමන්ත්‍රණය හෙළිදරව් කිරීම සඳහා තමා විසින් විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතයි ප්‍රකාශකර ඇති ජනාධිපතිවරයා, ආරක්ෂක ප්‍රධානීන්ට ඔවුන්ගේ කටයුතු නියමාකාරයෙන් පවත්වා ගෙන යන්නැයි උපදෙස් දුන් බවද වාර්තාවේ.

මෙම පාර්ලිමේන්තු කමිටුව හමුවට ආරක්ෂක අංශ ප්‍රධානියකු හෝ බුද්ධි අංශ නිලධාරියකු කැඳවුව හොත් මාධ්‍ය හා කැමරා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට මෙහිදී එකඟත්වයට පැමිණි බවද වැඩිදුරටත් පැවසේ.

 

පුජිත හා හේමසිරි අද කමිටුව හමුවට !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවන දිනට අද (06) පෙරවරු 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද කාරක සභාවට කැඳවා ඇත.

මීට පෙර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ හා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්හ.

සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත අදාළ කමිටුවේ සභාපතිත්වය දරන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතායි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...