The Leader News
BREAKING
Top Ad
පුවත්

මුස්ලිම් දේශපාලනඥයින්ට චෝදනා කළ අයගෙන් කටඋත්තර ගනී !

T

The Leader Desk

June 6, 2019 • 4:34 AM

මුස්ලිම් දේශපාලනඥයින්ට චෝදනා කළ අයගෙන් කටඋත්තර ගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෝදනා ඉදිරිපත් කළ සියල්ලන්ගෙන් කටඋත්තර ලබා ගන්නා බවත් ඒවා අනුව චෝදනා විභාග කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
  • කොළඹදී පැවති උත්සවයක් අමතමින් එබව සඳහන් කළ අගමැතිවරයා, මසක් ඇතුලත එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරදකරුවන්ට නඩු පවරන බවත් කියා සිටියේය.
  • මුස්ලිම් ඇමතිවරුන් නැතිව ආණ්ඩුවක් ක්‍රියාත්මක වන්නේ නිදහසින් පසු පලමු වතාවට බව පැවසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතිවාදය ඇවිස්සීමෙන් සිදුවන්නේ ත්‍රස්තවාදීන් ප්‍රමාණය වැඩි වීම බව ද පැහැදිලි කළේය.
  • හිස්බුල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි භාර ගැනීම වෙනුවෙන් ස්ථාපිත කල විශේෂ පොලිස් කමිටුව වෙත මේවනවිට ලැබී ඇත්තේ එක් (01) පැමිණිල්ලක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

චෝදනා ඉදිරිපත් කළ සියල්ලන්ගෙන් කටඋත්තර ලබා ගන්නා බවත් ඒවා අනුව චෝදනා විභාග කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් එබව සඳහන් කළ අගමැතිවරයා, මසක් ඇතුලත එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරදකරුවන්ට නඩු පවරන බවත් කියා සිටියේය.

මුස්ලිම් ඇමතිවරුන් නැතිව ආණ්ඩුවක් ක්‍රියාත්මක වන්නේ නිදහසින් පසු පලමු වතාවට බව පැවසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතිවාදය ඇවිස්සීමෙන් සිදුවන්නේ ත්‍රස්තවාදීන් ප්‍රමාණය වැඩි වීම බව ද පැහැදිලි කළේය.

 

තවමත් එක් පැමිණිල්ලක් පමණයි: එකත් වෙනත් හුටපටයක් !

තම ධුරවලින් ඉල්ලා අස්වූ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි භාර ගැනීම වෙනුවෙන් ස්ථාපිත කල විශේෂ පොලිස් කමිටුව වෙත මේවනවිට ලැබී ඇත්තේ එක් (01) පැමිණිල්ලක් පමණි. ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිවය.

ඒ අනුව ඔහුට එරෙහිව මෙම පළමු පැමිණිල්ල ඉදිරිප්පත් කර ඇත්තේ ශ්‍රී ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, අසේල සම්පත් මහතා විසිනි.

ප්‍රමිතියෙන් තොර ආහාර ආනයනය කිරීමේ චෝදනාවන් ඇතුළු තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා ඔප්පු කර පෙන්වීමට තමා සූදානම් බවයි. බදියුදීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදයට සහය දී ඇති බවට සාක්ෂි පවතින බව ඔහු පවසයි. ඒ, කඩුවෙලදී පැවති ජනහමුවක් අමතමිනි.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට කලින් දා සතොස වාහනවලින් අදාල බෝම්බකරුවන් ප්‍රවාහනය කර ඇති බව ඔහු එහිදී සඳහන් කළේය.

Voice

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා 'බීබීසී සිංහල සේවය' වෙත අදහස් දක්වමින්, තමන්ට එරෙහිව චෝදනා එල්ල කිරීම ජාතිවාදී කල්ලියක ගේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් බවත්, තමන්ට එල්ල කරන චෝදනා කිසිවක් මේ වන තෙක් ඔප්පු වී නොමැති බවත් අවධාරණය කළේය.

තමන් තනතුරින් ඉවත් වූයේ විශ්වාස භංග යෝජනාවට බියේ නොවන බව අවධාරණය කර සිටි ඔහු, "අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තවත් කළු ජූලියක් ඇති කිරීම සඳහා ඇතැමුන් උත්සාහ දරමින් සිටින හෙයින්" එවැන්නක් වළක්වා ගැනීම සඳහා තමන් තනතුරින් ඉවත් වූ බව වැඩිදුරටත් පැවසිය.

 

මුස්ලිම් නායකයින්ට යළි වගකීම් භාර ගන්නැයි මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්

bhikku monk

මේ අතර සිය තනතුරින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලා සිටිති.

මහනුවර පැවැති සඟ සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මහා සංඝරත්නය මේ බව සඳහන් කළහ.

මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදය උසිගන්වමින් කටයුතු කල ඇතැම් හිමිවරුන් මුස්ලිම් ඇමතිවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කරද්දී බෞද්ධ මහ නාහිමිවරුන්ගේ මෙම ඉල්ලීම ප්‍රසංසනිය වේ.

එහෙත් එහි හාස්‍ය ජනක කාරණය වන්නේ මුස්ලිම් දේශපාලනඥයින් ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් අතුගාදැමීමට වෙහෙසුන ඇතැම් භික්ෂුන් හා දේශපාලනඥයින් ද මුස්ලිම් දේශපාලන නායකයින්ට යළි ඇමතිකම් ගන්නා ලෙස බලපෑම් කිරීමයි.

මෙම කාරණය සමාජ මාධ්‍ය වලද සංවාදයට ලක්ව ඇති අතර ප්‍රනාන්දු ප්‍රසංග එය සිය FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.

''මුස්ලිම් උන් පාර්ලිමේන්තුවෙන් යනකම්ම මැරෙන්න ගියා
දැන් නැවත එන්න කියල මැරෙන්න යනව...මෙහෙමත් රටක්'

FP post

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...