The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

රනිල් - මහින්ද එකඟත්වයක් : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක්!

T

The Leader Desk

June 11, 2019 • 4:23 AM

රනිල් - මහින්ද එකඟත්වයක් : පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුරකතය ඔස්සේ සිදුව ඇති එම සාකච්ජාවේදී කැබිනට් රැස්වීම් වර්ජනය කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇතැයි පැවසේ.
  • පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ සඳහා සහාය දීමට විපක්ෂනායකවරයා මෙහිදී අගමැතිවරයාට සහතිකවී ඇතැයි ද ඉහත ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තාවේ.
  • ජනාධිපතිවරණයට පෙර යම් මොහොතක හදිසි මහ මැතිවරණයකට යාමට සිදුවුවහොත්, එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරිපත්විය යුතු බව එජාප බහුතරයකගේ මතයවී ඇතැයි ද ඔහු අවධාරණය කර සිටියේය.
  • ''ඇත්තම කියනවා නම්, අපි ජනාධිපති පුටුවට පත්කරපු මෛත්‍රීපාල මහත්තයා අපිව විනාශකලා, පාවලා දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දුරකතය ඔස්සේ සිදුව ඇති එම සාකච්ජාවේදී කැබිනට් රැස්වීම් වර්ජනය කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇතැයි පැවසේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ සඳහා සහාය දීමට විපක්ෂනායකවරයා මෙහිදී අගමැතිවරයාට සහතිකවී ඇතැයි ද ඉහත ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තාවේ.

19 වන ව්‍යවස්ථා සංශෝධයට අනුව පාර්ලිමේන්තුව තේරී පත්ව වසර හතරහාමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති අතර ඊට පෙර මහ මැතිවරණයක් කැඳවීමට අවශ්‍යනම් මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත යුතුය.

 

එජාප පසුපෙළ දැඩි ස්ථාවරයක :

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සම්බන්ධයෙන් වන කතාබහ පිළිබඳව 'ද ලීඩර්' එජාප පසුපෙළ මන්ත්‍රීවරයකු ගෙන් කළ විමසිමදී තම අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙස ඉල්ලමින් ඔහු කියා සිටියේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස එරෙහිවන බවයි.

ජනාධිපතිවරණයට පෙර යම් මොහොතක හදිසි මහ මැතිවරණයකට යාමට සිදුවුවහොත්, එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරිපත්විය යුතු බව එජාප බහුතරයකගේ මතයවී ඇතැයි ද ඔහු අවධාරණය කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එම මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

මෙවැනි අරාජිකත්වයක් අවශ්‍ය කාටද ?

''ඇත්තම කියනවා නම්, අපි ජනාධිපති පුටුවට පත්කරපු මෛත්‍රීපාල මහත්තයා අපිව විනාශකලා, පාවලා දුන්නා. එත් දැන් එතුමා මීළඟ මැතිවරණයට තරඟ කරන්නේ නැහැ කියලා පැහැදිලිවම කියල තියනවා. ඉතින් දැන් අපි මොකටද එයත් එක්ක ගහගන්න යන්නේ. අපි දැන් ගහගන්න ඕන රාජපක්ෂ කඳවුර එක්ක.

දැන් මෙතන වෙලා තියන්නේ වෙනත් ප්‍රශ්නයක්. ජනාධිපතිවරණයක් අවොත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න ඕන සජිත්ව. එකේ අයිත් දෙකක් නැහැ. නායකතුමා හොඳයි, හැබැයි එයා දැම්මොත් අපි කපෝති. ඉතින් දැන් අයෙත් පක්ෂයේ නායකත්වය ගැන අර්බුදයක් මතුවෙලා තියනවා.

ඉතිහාසය පුරා ම පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුවුනම අපේ නායකතුමා වෙනත් ලොකු අර්බුදයක් මවලා එයාගේ අර්බුදය යටපත් කර ගන්නවා. වෙන මොහොකට නැතත් එතුමා එකට දක්ෂයි. දැන් පක්ෂය ඇතුලෙන් අයෙත් නායකත්වයට බලපෑම් එල්ලවෙලා තියනවා. ඉතින් අපේ නායකතුමා තේරීම් කාරක සභාවක් දාල 'මෙඝා ප්‍රශ්නයක්' ඇතිකළා.

 

''මහ ඡන්දයකට ගියත් යන්නේ සජිත්ගේ නායකත්වයෙන්''

දැන් මෛත්‍රීට ගහන්න ඕන වෙලාවක් නෙමෙයිනේ. රාජපක්ෂලාට ගහන්න ඕන වෙලාව. දැන් ඉතින් පක්ෂයේ ඔක්කොම තේරීම කාරක සභා අවුලේ පැටලිලා. කැබිනට් එකත් නැහැ. රටම අවුලක ..මහා මැතිවරණයක් ගැන කියල අපිව බයකරන්න හදනවා . ඕවා කෙරෙන වැඩ නෙමෙයි. නියමිත කාලයකට පෙර මහ මැතිවරණයකට අපි විරුද්දයි. අනෙක මේ වෙලාවේ මහ මැතිවරණයකට ගියොත් අපේ පක්ෂය හෝදගෙන යනවා. අපිට අයෙත් ජන බලයක් ඇතිකර ගන්න මාස තුන හතරක් වත් ඕන ..

හැබැයි මේ විදියට රට අරාජික වුනොත් මහ ඡන්දයකට යන්න කියල ජනතාවගෙන් බලපෑමක් අනිවාර්යයෙන්ම එවි. හැබැයි එහෙම ඡන්දයකට යන්න වුනොත් අපි යන්නේ සජිත් අගමැති කරන්න. නායකතුමාව විපක්ෂ නායක කරන්න නෙමෙයි.''

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...