The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

කැබිනට් වර්ජනය : "ජනපතිට බබෙක් වගේ හැසිරෙන්න බෑ"

T

The Leader Desk

June 11, 2019 • 4:34 PM

කැබිනට් වර්ජනය : "ජනපතිට බබෙක් වගේ හැසිරෙන්න බෑ"

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සතියකට වරක් අඟහරුවාදා දිනයේ පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (ජූනි 11 ) නොපැවැත්විය.
  • පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය පළ කරමින් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (ජුනි 07) පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි.
  • ඔහු පවසා තිබුණේ, තමන් යටතේ සිටින කිසිදු නිලධාරියෙකු තේරීම් කාරක සභාව හමුවට නොඑවන බවය.
  • කෙසේ වෙතත්, කතානායක කරු ජයසූරිය ජූනි මස 8 වන දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේදී ඇති කර ගත් එකඟත්වයකට අනුව තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සතියකට වරක් අඟහරුවාදා දිනයේ පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (ජූනි 11 ) නොපැවැත්විය.

පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය පළ කරමින් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (ජුනි 07) පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි.

ඔහු පවසා තිබුණේ, තමන් යටතේ සිටින කිසිදු නිලධාරියෙකු තේරීම් කාරක සභාව හමුවට නොඑවන බවය.

කෙසේ වෙතත්, කතානායක කරු ජයසූරිය ජූනි මස 8 වන දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේදී ඇති කර ගත් එකඟත්වයකට අනුව තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන බවය.

"වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩ කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිලි අවබෝධයක් ඇති බව නිසැකය," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් විය.

මේ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (ජූනි 11) පස්වරුවේ සිව් වන දිනටත් පැවැත්විණි.

 

කැබිනට් රැස්වීම යනු කුමක් ද?

 කැබිනට් අමාත්‍ය රැස්වීම යනු රජයේ ප්‍රතිපත්ති සම්පාදනය වන ප්‍රධාන මණ්ඩපය වේ. ව්‍යවස්ථානුකූලව රටේ අභිවෘද්ධිය, ආර්ථිකය, ජාතික ආරක්ෂාව ඇතුළු තීන්දු තීරණ ගනු ලබන්නේ කැබිනට් රැස්වීමේදීය.

Harini Amarasuriya

"ප්‍රජාතන්ත්‍රවාදය තුළ සාමූහික වගකීම කියන දේ ගොඩක් වැදගත්. රටේ තීන්දු සාමූහිකව ගැනීම සඳහා විධායකය හමුවන ස්ථානය කැබිනට් රැස්වීමයි," ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය එසේ පැහැදිලි කළේය.

 

කැබිනට් රැස්වීම නොපැවැත්වීම රටට බලපාන්නේ කෙසේ ද?

"රටට අදාළ තීන්දු ගන්න කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නෑ කියන්නේ ලොකු ඛේදවාචකයකට මුලක්. අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂක කවුන්සිලයට එන්න නොදීමේ සිද්ධිය හරහා කොයිතරම් බරපතළ ඛේදවාචකයක් සිද්ධ වුණා ද? රටේ ආරක්ෂාව ඇතුළු සියලු තීන්දු ගන්න කැබිනට් මණ්ඩලය රැස් වෙන්නෙ නැත්නම් ඊට වඩා ඛේදවාචක රැසක් සිද්ධ වෙන්න පුළුවන්," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නාය.

"මේ සිද්ධ වෙන දේවල්වලින් පේන්න තියෙන්නේ රාජ්‍ය තන්ත්‍රය ම පාර්ශව දෙකක් අතරේ රණ්ඩුවක් බවට පත්වෙලා කියන එකයි. ඒකෙන් රාජ්‍ය තන්ත්‍රය ම ප්‍රශ්න රැසකට මුහුණ දීලා තියෙන්නේ. ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම් වර්ජනය කරනවා නම් ඔහු තමන්ගේ වගකීම් ජනතාව වෙනුවෙන් ඉටු කරන්නේ කොහොම ද? මෙතන සිද්ධ වෙන්නේ දෙපාර්ශවය ඇඟ බේරගන්න උත්සහ කිරීමක්. මේක රටේ ප්‍රතිපත්ති සම්පාදනය නතර කිරීමක්," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

"ජනාධිපතිවරයාට රජය සමග වැඩ කරන්න බැරි නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපති කෙනෙකුට පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න පුළුවන් ද?"

 

"දෙකට බෙදිලා රට හදන්න බෑ"

Piyavi Wijewardana 

මෙම අර්බුදය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ආර්ථික හා සමාජ විද්‍යා පර්යේෂකයෙකු වන ආචාර්ය පියවි විජේවර්ධන පෙන්වා දුන්නේ, පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට 4%කට වැඩි සමස්ත හානියක් සිදුව ඇති අවස්ථාවක රටේ ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබඳව සාමූහික තීරණ ගත යුතුව ඇති බවය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එක්විය යුතු අවස්ථාවක "පොදු හෝ පෞද්ගලික අරමුුණු කුමක් වුව ද කැබිනට් රැස්වීම් නොපැවැත්වීම," විශාල හානියක් බව ද ආචාර්ය පියවි විජේවර්ධන සඳහන් කළේය.

"මේ වෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය ඉතා ම පහළ මට්ටමක පවතින්නේ. ජාතික ආරක්ෂාව වගේ ම රටේ ආර්ථිකය වෙනුවෙන් සාමූහිකව යහපත් තීන්දු ගත යුතු අවස්ථාවකයි අපි ඉන්නේ. නතර වෙලා තියෙන ව්‍යාපෘති ආපසු ආරම්භ කරන්න ඕන. ආර්ථිකය ගැන තීන්දු ඉක්මනින් ගන්න ඕන."

"ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම් නොපැවැත්වීමෙන් හෝ ඊට සහභාගි නොවීමෙන් සතියෙන් සතිය රට ආපස්සට යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක හොඳ ආදර්ශයක් නෙවෙයි."

කැබිනට් රැස්වීම නොපැවැත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද විවිධ අදහස් පළ වී තිබිණි.

 FB post

(බීබීසී සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...