The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

අන්තවාදී බලවේග රට කරවන බවට චෝදනා

T

The Leader Desk

June 11, 2019 • 5:24 PM

අන්තවාදී බලවේග රට කරවන බවට චෝදනා   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අප පාලනය කරනු ලබන්නේ අපේ කැමැත්තකින් තොරවයි,” යනුවෙන් ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට කියා සිටි බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයකින් දැනුම් දී තිබේ.
  • මේ රටේ සිංහල ජනතාවට කිසිම හානියක් වෙනවා දකින්න අපි කැමති නෑ.
  • දෙමළ ජනතාවට යුක්තිය ඉටුකොට දේශපාලන විසඳුමක් දෙන බවට ජගත් ප්‍රජාව හමුවේ දුන් පොරොන්දු ඉටු නොකර කල් ගත කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඉඩ සලසා දෙන්නේ නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන පැවතීමේ මූලික අවශ්‍යතාව TNA නායකයා විසින් ප්‍රශ්න කර ඇත.
  • TNA නායකත්වය විසින් මතුකරන ලද කරුණු තමන් විසින් දෙනු ලබන නිර්දේශ වලට ඇතුලත් කිරීමට සහකාර මහලේකම් මිෂෙල් කොනින්ස්ක් සහතික වූ බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත විරෝධී කමිටුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර මහලේකම් සහ විධායක අධ්‍යක්ෂිකා මිෂෙල් කොනින්ස්ක් කොළඹදී හමුවූ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් පවසා ඇත්තේ සිංහල නායකයන් අන්තවාදී බලවේග වලට යටවෙමින් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ගිවිසගත් පොරොන්දු ඉටු කිරීම මගහරිමින් සිටින බවයි.

දෙමළ ජනතා අයිතිවාසිකම් ලබා දෙන බවට සිංහල පාලකයන් දශක ගණනාවක් තිස්සේ දුන් පොරොන්දු කඩ කිරීමේ අවසාන ප්‍රතිපලය වූයේ එල්ටීටීඊය සන්නද්ධ අරගල මාවතට අවතීර්ණ වීම බව එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට පෙන්වා දී ඇති දෙමළ ජාතික සන්ධාන (TNA) නායකයා, වර්තමාන රජයත් අන්තවාදී බලවේග පාලනය කිරීමට වීරිය නොකරන බවට කනස්සල්ල පළකර තිබේ.

“අප පාලනය කරනු ලබන්නේ අපේ කැමැත්තකින් තොරවයි,” යනුවෙන් ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට කියා සිටි බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයකින් දැනුම් දී තිබේ.

“යුද්ධයෙන් මහත්සේ දුක් වින්ද අපේ ජනතාවට මේ රටේ තවත් යුද්ධයක් අවශ්‍ය නෑ. මේ රටේ සිංහල ජනතාවට කිසිම හානියක් වෙනවා දකින්න අපි කැමති නෑ. නුමුත් කනගාටුවට කරුණ නම්, මේ රට කරවන අන්තවාදී බලවේග පාලනය කිරීමට සිංහල නායකයන්ගේ මනාපයක් නැතිකමයි.”

සිංහල බෞද්ධ අන්තවාදයට සිත්සේ කටයුතු කිරීමට ඉඩ දෙන රටේ නීති බලධාරීන් විවිධ වාර්ගික කණ්ඩායම් සම්බන්ධයෙන් වෙනස්කම් පාමින් නීතිය ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට පවසා තිබේ.

දෙමළ ජනතාවට යුක්තිය ඉටුකොට දේශපාලන විසඳුමක් දෙන බවට ජගත් ප්‍රජාව හමුවේ දුන් පොරොන්දු ඉටු නොකර කල් ගත කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඉඩ සලසා දෙන්නේ නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන පැවතීමේ මූලික අවශ්‍යතාව TNA නායකයා විසින් ප්‍රශ්න කර ඇත.

TNA නායකත්වය විසින් මතුකරන ලද කරුණු තමන් විසින් දෙනු ලබන නිර්දේශ වලට ඇතුලත් කිරීමට සහකාර මහලේකම් මිෂෙල් කොනින්ස්ක් සහතික වූ බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(gagana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...