The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

'වඳ කතා නාඩගම' : දොස්තර සාෆි, මාකඳුරේ මදුෂ්ට 'සෙට්' වෙලා !

T

The Leader Desk

June 12, 2019 • 3:28 AM

'වඳ කතා නාඩගම' : දොස්තර සාෆි, මාකඳුරේ මදුෂ්ට 'සෙට්' වෙලා ! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නිලධාරියා සඳහන් කල පරිදි, ඇතැමුන් පටු වාසිලබා ගැනීම සඳහා 'පැලෝපිය නාල' කතාවක් සමාජගත කලද ඒ සම්බන්ධයෙන් කිසිවකුත් පැමිණිලිකර නොමැත.
  • වෛද්‍ය සාෆි ගේ සැත්කම් වලට භාජනය වූ අනෙකුත් මව්වරුන් සඳහන් කර ඇත්තේ, සැත්කමෙන් පසු දරුවන් බලාපොරොත්තු නොවූ නමුත් මාධ්‍යවල පලවී ඇති වාර්තා නිසාත් ප්‍රදේශයේ ඇතැමුන්ගේ බලපෑම් නිසාත් පරීක්ෂාවක් කර ගැනීම සඳහා මෙසේ පැමිණිලි කළ බවයි.
  • මේ සම්බන්ධයෙන් සිදුකළ සියලු විමර්ශන වාර්තා ලබන 27දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
  • සිසේරියන් සැත්කමක් සිදුකරන අවස්ථාවක VOD වෛද්‍යවරයකු සිටිය යුතු බව පිළිගත් සම්ප්‍රදාය වුවද එවැනි වෛද්‍යවරුන්ගේ හිඟය නිසා VOG වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ එවැනි සැත්කම් සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):



අධිකරණය වෙත චෝදනාවක් ඉදිරිපත් නොකොට රඳවා ගෙන සිටින වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදී එම නිලධාරියා එබව ද කියා සිටියේය. 

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලෙස පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජනතාවගෙන් කල ඉල්ලීමෙන් පසු ඔහුට එරෙහිව පැමිණිලි 400කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔවුන් අතරින් සැත්කමෙන් පසු දරුවන් නොලැබුන බවට පැමිණිලිකර ඇත්තේ මව්වරුන් 39 දෙනෙකු පමණක් බව එම පොලිස් නිලධාරියා පැවසිය.

එම නිලධාරියා සඳහන් කල පරිදි, ඇතැමුන් පටු වාසිලබා ගැනීම සඳහා 'පැලෝපිය නාල' කතාවක් සමාජගත කලද ඒ සම්බන්ධයෙන් කිසිවකුත් පැමිණිලිකර නොමැත. වෛද්‍ය සාෆි ගේ සැත්කම් වලට භාජනය වූ අනෙකුත් මව්වරුන් සඳහන් කර ඇත්තේ, සැත්කමෙන් පසු දරුවන් බලාපොරොත්තු නොවූ නමුත් මාධ්‍යවල පලවී ඇති වාර්තා නිසාත් ප්‍රදේශයේ ඇතැමුන්ගේ බලපෑම් නිසාත් පරීක්ෂාවක් කර ගැනීම සඳහා මෙසේ පැමිණිලි කළ බවයි.

නීතිපතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ජාවකින් අනතුරුව මේ ආකාරයෙන් පැමිණිලි ඉදිරිපත් කළ මව්වරුන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් යටතේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් වෙත මේවනවිට යොමුකර ඇත. 

රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කිරීම් !


තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත මගින් පළමු වරට අනාවරණය කර තිබිණ. 

එය තම දේශපාලන වාසියට යොදාගත් රාජපක්ෂවරුන් ඇතිකළ බලපෑම් මත වෛද්‍ය සාෆි මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට කුරුණෑගල රෝහලේ අදාල සැත්කම් වලට සහභාගිවූ වෛද්‍යවරුන් 26 දෙනෙකු ගෙන් ද හෙදියන් 69 දෙනෙකු ගෙන්ද කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු ගෙන්ද කට උත්තර සටහන් කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ සියලු විමර්ශන වාර්තා ලබන 27දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.


පැලෝපිය නාල විනාශ කලොත් දඬුවම මෙන්න !


සිසේරියන් සැත්කමක් සිදුකරන අවස්ථාවක VOD වෛද්‍යවරයකු සිටිය යුතු බව පිළිගත් සම්ප්‍රදාය වුවද එවැනි වෛද්‍යවරුන්ගේ හිඟය නිසා VOG  වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ එවැනි සැත්කම් සිදුවේ. රජයේ රෝහලක එවැනි සැත්කමකට අනිවාර්යයෙන් නව දෙනෙකුගේ (09) කාර්ය මණ්ඩලයක් සහභාගී විය යුතු සඳහන් වේ.

VOG , ජ්‍යෙෂ්ඨ වෛද්‍ය, සහකාර වෛද්‍ය, නිර්වින්දක වෛද්‍ය, ශල්‍යාගාර හෙදිය ඇතුළු තවත් හෙදියක් (රනින් නර්ස්), සාත්තු සේවකයින් දෙදෙනෙක්, ලේබර් කෙනෙකු ආදී වශයෙන් සැත්කම් කාර්යයට දායකවේ. මේ කාර්ය මණ්ඩලයේ දැනුවත් භාවයකින් තොරව පැලෝපිය නාල කපා දැමීමක් හෝ මිරිකීමක් කළ නොහැකිබව වෛද්‍ය විශේෂඥයින්ගේ මතයයි.

වෛද්‍ය සාෆිට එරෙහිව මෙතෙක් අධිකරණය හමුවේ කිසිඳු චෝදනා ගොනුකර නැතත් පැලෝපිය නල විනාශ කිරීමක් ගැන වෛද්‍ය පරීක්ෂණ වලදී කරුණු තහවුරුවුවහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාව මත නඩු පැවරීමට කටයුතු කරන බව අප වෙත තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරියා කියා සිටියේය.

ඒ වැනි අවස්ථාවකදී එවැනි සැත්කම් වලට සම්බන්ධවූ සියලුම වෛද්‍යවරුන්ට හා හෙදි කාර්ය මණ්ඩලයට ඊට අනුබලදීම යටතේ චෝදනා ගොනු කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

සබැඳි පුවත් :

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක් !

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

'වඳ කතා නාඩගම' : රටම ගිණි තැබුවේ කුරුණෑගල පොහොට්ටු DIG ! h

කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි සියල්ල සැකය මතයි - CID කියයි

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

වඳ සැත්කම් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා අත්අඩංගුවට !

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...