The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

“ඉරිදා ලක්බිම“ තිලංග වසා දමයි!

T

The Leader Desk

June 12, 2019 • 5:16 AM

“ඉරිදා ලක්බිම“ තිලංග වසා දමයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඊයේ කාර්ය මණ්ඩලය අමතා ඒ බව දැනුම් දී ඇත.
  • දිනපතා ලක්බිම පුවත්පත වසා දමන අවස්ථාවේ එහි පාලනාධිකාරිය ප්‍රකාශ කළේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණ වීමත් සමග කඩදාසි මිල අධික ලෙස ඉහළ යාම නිසා පුවත්පත වසා දමන බවය.
  • වසරේ එනම් වසර 25කට පෙර ආරම්භ කළ ලක්බිම පුවත්පතේ ආරම්භ කතුවරයා වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරය.
  • එම පුවත්පත ලැබූ ජනප්‍රියතාවත් සමග 2000 වසරේ දී දිනපතා ලක්බිම පුවත්පත බිහි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඊයේ කාර්ය මණ්ඩලය අමතා ඒ බව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට අයත් සුමති නිව්ස්පේපර්ස් ලිමිටඩ් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ දිනපතා ලක්බිම පුවත්පත මිට මාස 6කට පමණ පෙර වසා දැමුණු අතර මේ සතියේ සිට ඉරිදා ලක්බිම පුවත්පත ද වසා දැමීමට ඊයේ පැවති සාකච්ඡාවක දී තීන්දු කර තිබේ.

දිනපතා ලක්බිම පුවත්පත වසා දමන අවස්ථාවේ එහි පාලනාධිකාරිය ප්‍රකාශ කළේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණ වීමත් සමග කඩදාසි මිල අධික ලෙස ඉහළ යාම නිසා පුවත්පත වසා දමන බවය.

1994 වසරේ එනම් වසර 25කට පෙර ආරම්භ කළ ලක්බිම පුවත්පතේ ආරම්භ කතුවරයා වූයේ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරය. එම පුවත්පත ලැබූ ජනප්‍රියතාවත් සමග 2000 වසරේ දී දිනපතා ලක්බිම පුවත්පත බිහි විය.

සුන්දර නිහතමානී ද මෙල්, ජටිල වැල්ලබඩ, අනුර හොරේසස්, සමන් වගආරච්චි, පසන් සමරවික්‍රම, සම්පත් ලක්මාල්, චාමර ලක්ෂාන් මාධ්‍යවේදීහු ලක්බිම පුවත්පතට සම්බන්ධ වී විවිධ යුගවල කටයුතු කළහ.

මේ වන විටත් ලක්බිම පුවත්පතට සම්බන්ධ වී මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන් 90 දෙනෙකු පමණ කටයුතු කරන අතර ඔවුන්ගේ රැකියා අවස්ථා ද මේ සමග අහිමි වී වනු ඇත.

මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදී අදහස් දැක්වූ 'ලක්බිම' කර්තෘ සම්පත් දේශප්‍රිය පැවසුයේ, පාස්කු ඉරිදා (21) ප්‍රහාරයෙන් පසු ඇතිව තිබෙන ආර්ථික අර්බුදයන් හේතුවෙන් වෙළඳ දැන්වීම් අවමවිමේ තත්වය මත තවදුරටත් අධික පාඩු පිට පුවත්පත පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි.

කෙසේවුවද මෙවර සති අන්ත කලාපය ද කෙසේ හෝ මුද්‍රණය කරමින් පුවත්පත අඛණ්ඩව පවත්වා ගෙනයාමට උත්සහයක් දරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

(මුලාශ්‍රය - emanisa.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...