The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

ජඩ මාධ්‍යයට බියෙන් නිර්දෝෂී පුද්ගලයින් රැසක් රැඳවුම් භාරයේ !

T

The Leader Desk

June 12, 2019 • 10:31 AM

ජඩ මාධ්‍යයට බියෙන් නිර්දෝෂී පුද්ගලයින් රැසක් රැඳවුම් භාරයේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණයට හෝ ඉදිරිපත් නොකර ආරක්ෂක අංශ විසින් රඳවා ගෙන සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග තුළින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
  • මේ සම්බන්ධයෙන් ' ද ලීඩර්' කළ විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා සිටියේ, අත්අඩංගුවට ගෙන සිටි නිර්දෝෂී පුද්ගලයින් නිදහස් කළ අවස්ථාවලදී මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් එල්ලවූ බැවින් තත්වය යටපත්වන තෙක් ඔවුන් රඳවා ගෙන සිටින ලෙස ඉහලින් උපදෙස් ලැබී ඇති බවයි.
  • මේ ආකාරයෙන්ම වසර ගණනාවකට පෙර එල්ටීටීඊ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා ලද එහෙත් මේවන තුරුත් කිසිදු නඩු චෝදනාවක් නොමැතිව වසර 20කට ආසන්න කාලයක් නිරපරාදේ සිරගතව සිටින රැඳවියන් ගණනාවක් ද තවමත් සිරගතව සිටින බවද වාර්තා වේ.
  • ජාත්‍යන්තර රතු කුරුසයේ නිරීක්ෂණයට අපවෙත වාර්තාවන පරිදි මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ 06 වන තට්ටුවේ රඳවා ගෙන සිටින අතර ඔවුන් අතර කිසිම චෝදනාවක් නොමැති පුද්ගලයින් රැසක් සිටින බව ද පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණයට හෝ ඉදිරිපත් නොකර ආරක්ෂක අංශ විසින් රඳවා ගෙන සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග තුළින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ' ද ලීඩර්' කළ විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා සිටියේ, අත්අඩංගුවට ගෙන සිටි නිර්දෝෂී පුද්ගලයින් නිදහස් කළ අවස්ථාවලදී මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් එල්ලවූ බැවින් තත්වය යටපත්වන තෙක් ඔවුන් රඳවා ගෙන සිටින ලෙස ඉහලින් උපදෙස් ලැබී ඇති බවයි.

මේ ආකාරයෙන්ම වසර ගණනාවකට පෙර එල්ටීටීඊ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා ලද එහෙත් මේවන තුරුත් කිසිදු නඩු චෝදනාවක් නොමැතිව වසර 20කට ආසන්න කාලයක් නිරපරාදේ සිරගතව සිටින රැඳවියන් ගණනාවක් ද තවමත් සිරගතව සිටින බවද වාර්තා වේ.

කෙසේ නමුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු දිවයින පුරා පොලිස් ස්ථානවලින් ආරක්ෂා හමුදාවලින් සිය දහස් ගණනක් මුස්ලිම් ජාතිකයින් අත්අඩංගුවට ගෙන තිබු අතර පසුව ඔවුන්ගෙන් විශාල පිරිසක් මුදාහැර තිබිණ.

කෙසේවුවද ප්‍රහාරයට පැමිණි අන්තවාදී පිරිස් සමග ගනුදෙනු පවත්වා ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් හා ඔවුන්ගේ ඥාතීන් අත්අඩංගුවට ගත් අවස්ථාවන් රුපවාහිනී ඔස්සේ ප්‍රසිද්ධ පත්වූ අතර එවැනි පුද්ගලයින් අතර සිටි නිර්දෝෂී පුද්ගලයින් නිදහස් කළ අවස්ථාවලදී ඇතැම් මාධ්‍ය විසින් ආරක්ෂක අංශවලට බරපතල ලෙස චෝදනා එල්ල කළේය.

 

 

 

ජාත්‍යන්තර රතු කුරුසයේ නිරීක්ෂණයට

අපවෙත වාර්තාවන පරිදි මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ 06 වන තට්ටුවේ රඳවා ගෙන සිටින අතර ඔවුන් අතර කිසිම චෝදනාවක් නොමැති පුද්ගලයින් රැසක් සිටින බව ද පැවසේ. මෙම රැඳවියන් අතර මව් ඇකයේ උණුසුම විඳින කුඩා ළදරුවකු ද සිටින බව ඔවුන් පවසයි.

දහ පහළොස් දෙනෙකු රඳවා තබාගත හැකි එම ස්ථානයේ මේ වනවිටත් සියයකට ආසන්න පිරිසක් රඳවා සිටින අතර ඔවුන්ට මුලික පහසුකම් ලබාදීමේ දී පොලිසිය බරපතල ගැටලුවකට මුහුණදී සිටියි.

කෙසේවුවද එම රැඳවියන්ට අවශ්‍ය පහසුකම් හා මුලික අවශ්‍යතා සැපයීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රසස්ථ අන්දමින් කටයුතු කර ඇති අතර එම ස්ථානය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ පැසසුමටද ලක්ව ඇත.

පසුගිය නෝම්බි සමයේදී මුස්ලිම් ජාතික සැකකරුවන් සියලුදෙනා වෙත සවසට නෝම්බි අවසන් කිරීමේ කැඳ හා ආහාරපාන නිතිපතා ලබාදී ඇති පොලිස් නිලධාරීන්, රාමසාන් දිනයදා එම ස්ථානයට මුස්ලිම් මවුලවිවරයකු ද කැඳවා ආගමික වතාවත් ඉටුකිරීමට ද අවස්ථාවක් ලබාදී ඇත. එසේම එදින විශේෂ බුරියානි ආහාර වෙලක් ලබාදීමට ද කටයුතු කර ඇත.

මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන සිටින මුස්ලිම් ජාතික පිරිස් සමග බරපතල අපරාධකරුවකු ලෙස සැකකෙරෙන මාකඳුරේ මධුෂ්, ජනාධිපති හා ගෝඨාභය රාජපක්ෂ ඝාතනයක් ගැන හෙළිදරව්වක් කළ නාමල් කුමාර ද රඳවා සිටින බව වාර්තා වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජඩ මාධ්‍යයට බියෙන් නිර්දෝෂී පුද්ගලයින් රැසක් රැඳවුම් භාරයේ ! | The Leader