ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රන්ට බරපතල චෝදනා එල්ලවී ඇති අතර ඔහුගේ සමීප හිතවතකු වන අගමැතිවරයාටද ඒ සම්බන්ධයෙන් විවේචන එල්ලවිය.
බැඳුම්කර සිද්ධියට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රන් හා පර්පචුවෙල් ට්රෙෂරීස් හිමිකරු අර්ජුණ ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා මේ වනවිට අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා ඇත.
කෙසේවුවද අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසන්නේ අගමැතිවරයා මෙම සිංගප්පුරු සංචාරයේදී එරට මවුන්ට් එලිසබෙත් රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන පොඩි හාමුදුරුවෝ ලෙස හැඳින්වෙන ගලබොඩ ඥානීස්සර හිමියන් දැකබලා ගැනීමට නියමිත බවයි.
ඒ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, අගමැතිවරයා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්රතිකාර ලබන ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් බැලීමට ද යාමට නියමිත බවයි.
ජනපති හෙට තජිකිස්ථානය බලා යයි
මේ අතර තෙදින සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන හෙට (13) තජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
තජිකිස්ථානයේ දුශාන්බේහි පැවැත්වෙන ආසියානු අන්තර් ක්රියාකාරකම් හා විශ්වාසය ගොඩනැගීමේ ක්රියාමාර්ග පිළිබඳ සම්මේලනයේ පස්වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යන බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන, රාජ්ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.



