The Leader News
BREAKING
Top Ad
පුවත්

ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල්වරිය සහ අගමැතිනිය අතර හමුවක්

T

The Leader Desk

August 8, 2025 • 4:09 PM

ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල්වරිය සහ අගමැතිනිය අතර හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගුකාලීන සහ මිත්‍රශීලී සබඳතා නැවත තහවුරු කිරීමට අර්ථවත් අවස්ථාවක් විය.
  • ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය මෙහි දී ආණ්ඩුකාරවරිය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ පැහැදිලි කළ අතර, මෙම ක්ෂේත්‍රය තුළ වඩාත් සමීපව සහ එක්ව කටයුතු කිරීමට ද කැමැත්ත පළ කළා ය.
  • අග්‍රාමාත්‍යවරිය විසින් ආණ්ඩුකාර ජෙනරාල්වරිය පිළිගත් අතර අනතුරුව ඇරඹි සාකච්ඡාවේ දී විශේෂයෙන් දේශපාලනය, ආර්ථිකය සහ ක්‍රීඩා යනාදි ක්ෂේත්‍රවල දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

හමුවූවා ය.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගුකාලීන සහ මිත්‍රශීලී සබඳතා නැවත තහවුරු කිරීමට අර්ථවත් අවස්ථාවක් විය.

අග්‍රාමාත්‍යවරිය විසින් ආණ්ඩුකාර ජෙනරාල්වරිය පිළිගත් අතර අනතුරුව ඇරඹි සාකච්ඡාවේ දී විශේෂයෙන් දේශපාලනය, ආර්ථිකය සහ ක්‍රීඩා යනාදි ක්ෂේත්‍රවල දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කෙරිණ.

සැමට ප්‍රවේශය ලැබෙන සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අගමැතිනිය ආණ්ඩුකාර ජෙනරාල්වරිය දැනුවත් කළා ය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය

මෙහි දී ආණ්ඩුකාරවරිය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ පැහැදිලි කළ අතර, මෙම ක්ෂේත්‍රය තුළ වඩාත් සමීපව සහ එක්ව කටයුතු කිරීමට ද කැමැත්ත පළ කළා ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාව සඳහා දෙපාර්ශ වයම ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය පිළිබිඹු කරමින් දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය සහ නායකත්වය වැඩි කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික වූ ආණ්ඩුකාර ජෙනරාල්වරිය, ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශවික සහයෝගීතාව පුළුල් කිරීමේ හැකියා පිළිබඳව ද සාකච්ඡා කළා ය.

ඔස්ට්‍රේලියානු දූත පිරිස නියෝජනය කරමින් ආණ්ඩුකාර ජෙනරාල්වරියගේ නිල ලේකම් Gerard Martin PSM, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ Aide-de-Camp, Jamie Thanjan, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් Lalita Kapur, සහ මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ලේකම් ආචාර්ය Paul Zeccola සහභාගී විය. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රුවන්ති දෙල්පිටිය සහ එම අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්ෂ Dhawood Amanullah මෙම හමුවට එක්ව සිටියහ.
cfhdthhn

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...