කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ, එහි යන විට උන්වහන්සේ එහි රැඳී සිට නැති අතර, ජංගම දුරකථනය පවා අක්‍රීය කර සැඟව සිටින බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් මෙන්ම සේවයෙන් නෙරපා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙම පැහැරගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ සම්බන්ධයක් ගැන පැමිණිල්ලෙහි පැහැදිලිවම සඳහන් වන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
වසර 05 කට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පළමු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජූලි 20 වෙනිදායි.
පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන්ට ලබා ගැනීමට තමාව පැහැරගෙන ගොස් ලිපි ලේඛන කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් ගත් බව පැමිණිල්ලෙහි සඳහන් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු කටුවන, කිරිමානගොඩ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 35ක් වයසැති අයෙකි.
මෙම සැකකරු කටුවන නන්දසීහ හිමි නමින් පැවිදි වී සිටි අයෙක් බව විමර්ශන වලින් අනාවරණය කරගෙන ඇත.
පැහැරගැනීම සිදු කර ඇත්තේ ඔහු සහ අනෙත් සැකකරු විසිනි.
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදනිගම විමලතිස්ස හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වීම වලක්වමින් උන්වහන්සේ පැහැරගෙන වෙනත් අයෙකු නම් කිරීම සඳහා මෙම පැහැරගැනීම සිදුව ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන ජාල විශ්ලේෂණයකදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේදී සිටම අතුරලියේ රතන හිමි සැකකරුවන් සමග දුරකථනයෙන් අසාමාන්‍ය ලෙස සම්බන්ධව සිට ඇති බවයි.
මෙම පක්ෂයේ නායකයා බව සඳහන් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් 2024 ජනවාරි 22 දා අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක්විය.
| ITN news




