අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇත.
පෙරේදා (07) පස්වරුවේ පැවති එම හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නාලක කලුවැව ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
දරුවන් තුළ සාරධර්ම වර්ධනය කිරීම හා පාසල් අධ්‍යාපනයෙන් හැලී අතරමං වන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධානතම අරමුණ බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර තිබේ.
කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය විශේෂ අවධානය යොමු කර ඇත.
සියලුම දරුවන්ට උසස් යැයි සම්මත රැකියාවල නිරත වීමට අවස්ථාව නොලැබෙන අතර කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මෙහිදී ගුරු පුරප්පාඩු පියවා ගැනීමේ දී විෂය ප්‍රවීණයින් තෝරා ගැනීමේ වැදගත්කමත්, එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමත්, හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
''අපි මුහුණදෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා, එකක් තමයි ළමයින් පාසල් පද්ධතියෙන් ඉවත්වීම, පාසල් ළමයින් ලක්ෂ 3ක් මේ පද්ධතියට ඇතුළත් වුණාම ඉන් 40,000ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. තවත් 30,000ක් පමණ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හෝ විදේශ අධ්‍යාපනය සඳහා පිටත්ව ගියත් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් ඉතුරු වෙනවා. මේක තමයි ලොකුම ගැටලුව, මොකක්ද කරන්නේ මේකට, ඒ සියලුදෙනාට උසස් අධ්‍යාපන අවස්ථා නොලැබුණත් හැකියාවන් සමඟ පාසල්වලින් පිටව යනවා.ඒ වගේම අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව සෑම වසරකටම ළමයින් 20,000ක් පාසල් අධ්‍යාපනය අතරමඟ අත්හරිනවා.ඒ විසිදාහෙන් ළමයින් 5,000ක් නීතිවිරෝධි ක්‍රියාකාරකම් සඳහා යොමු වුණොත් ඒක රටට ලොකු විනාශයක්.''
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනී රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා සහභාගී වී සිටියහ.







