ආරක්ෂා කරන්නට, සමාජයේ සාමය එකමුතුභාව සහෝදරත්වය සහ ජන කොට්ඨාස අතර සමගිය තහවුරු කරමින් ශිෂ්ටසම්පන්න සාමකාමි සමාජයක් සහෝදරත්වයෙන් ජිවත් වෙන සමාජයක් නිර්මාණය කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (03), උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙල උරුමයේ සාමාජිකයන් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවක දී ය.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කර ඇතිද...?
''මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ මේ ප්‍රඥප්තිය දේශීය වශයෙන් අණ-පනත් හරහා බල ගැන්වී ක්‍රියාත්මක වන විට යම් යම් අවස්ථාවල දී පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට, දේශපාලන දඩයම් කිරිමට භාවිත කර තිබෙනවා.
මේ නිසාම ජාත්‍යන්තර වශයෙන් රටේ ක්‍රියාකාරි සැලසුම නිර්මාණය වී කොටස් 6කින් යුත් පරීක්ෂණයක් හරහා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කර ඇත්ද කියා තීන්දු කළ යුතු යි. කරන කියන දේ ප්‍රකාශ, සංදර්භය, ප්‍රකාශයේ අන්තර්ගතය හා ස්වාභාවය මෙන්ම ආසන්න ලෙස සිදුවිය හැකි හානිය ආදි පදනමක් මෙන්ම කොන්දේසි මාලාවක් පරික්ෂණයක් ලෙස සිදුවෙනවා.
සම්මුතිය වැරදි ආකාරයට භාවිත නොකළ යුතුයි
එය ප්‍රකාශයට පත් කළේ විවිධ රටවල් මේ සම්මුතිය උපයෝගී කර ගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වෙනුවට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දේශපාලන දඩයම් ක්‍රියාත්මක කිරිම වැළැක්වීම සඳහා යි. කරුණාකර මේ සම්මුතිය උපයෝගී කර ගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. මානව අයිතිවාසිකම් කඩකිරීම් දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබද සම්මුතිය උපයෝගී කර ගෙන දේශපාලන පළිගැනීම් සිදු නොකළ යුතුයි; මේ සම්මුතිය වැරදි ආකාරයට භාවිත නොකළ යුතුයි; මෙහි සැබෑ අරමුණ මත ක්‍රියාත්මක විය යුතු යි.''




