අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට ආණ්ඩුව එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද (03): වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් එකතුව කොළඹ මහජන පුස්තාලයේ පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍යය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...
ආණ්ඩුව: පොලිස් බලතල, අධිකරණ බලතල යන සියල්ල ම පවරගෙන ද...?
"සමහරු හිතනවා ඊයේ යක්කල වුණු සිදුවීම පක්ෂ දෙකක් අතර දේපළ ප්‍රශ්නයක් ඒ නිසා ජාතික ප්‍රශ්නයක් විදිහට ගන්න එපා කියලා. නමුත් අපි කියනවා මේක එහෙම පටු විදිහට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිත් දන්නවා මේ සිදුවීමේ දේපළ ප්‍රශ්නය විසඳගන්න ඕන අධිකරණයක් ඉදිරියේ දී. නමුත් මේ සිදුවීම පිටුපස හැංගිලා තියෙන දේශපානලන සංඥා අපි අඳුරගන්න ඕන. මොකද මේ ආණ්ඩුවෙ ගමන් මාර්ගය පිළිබඳව පූර්ව ඉඟියක් තමයි ඊයේ යක්කල දි දකින්නට ලැබුණේ.
ආණ්ඩුවේ ඇමතිවරු මේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම තමයි අධිකරණ තීන්දුවකින් නීත්‍යානුකූලව කාර්‍යායාලය ලබාගැනීමක් තමයි වුණේ කියන එක. නමුත් අපි ආණ්ඩුවෙන් අහන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා එහෙම අධිකරණ තීන්දුවක් දීලා තියනව ද, සහ එහෙම තීන්දුවක් තියනවනං ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඇයි අධිකරණයේ පිස්කල් නිලධාරියා ආවෙ නැත්තේ?
දැන් මේ ආණ්ඩුව පොලිස් බලතලයි අධිකරණ බලතලයි සියල්ලම පවරගෙන වගේ තමයි කටයුතු කරමින් ඉන්නේ. ආණ්ඩුව හිතාගෙන ඉන්නවනං පොලීසි අධිකරණ ඕන නෑ අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා ඒක බරපතළ තත්ත්වයක්. මොකද යක්කල දි මහින්ද ජයසිංහ ඇතුළු ආණ්ඩුවේ මැර කණ්ඩායම ක්‍රියාත්මක වුණේ සර්වබලධාරීන් පිරිසක් වගේ. පොලීසිය මේ සියල්ල වෙන්න දීලා නිහඬව බලාගෙන හිටියා.
ආණ්ඩුවේ මේ මැර ක්‍රියා මෙතනින් නතර වෙන්නේ නෑ. ආණ්ඩුව අපිට අද දික් කරපු ඇඟිල්ල ඉස්සරහට මේ රටේ ජනතාවටත් අත් වෙන්න නියමිතයි. එදා යක්කලට ආව මැර කණ්ඩායම වැඩිහිටියන්ගේ ඉඳලා උසස්පෙළ විභාගයට පාඩම් කරමින් හිටපු ශිෂ්‍යයින් දක්වා සියල්ලන්ට ම ම්ලෙච්ඡ විදිහට පහර දුන්නේ.
අනාගතයේ දී පොරවෙන් කපන්නත් බැරි පිළිලය
අපි සදාචාරය නීතිය කිසි දෙයක් සලකන්නේ නෑ. අපිට ඕන දෙයක් අපි කරනවා කියන සඥාව තමයි ආණ්ඩුව මේ සමාජයට දෙමින් ඉන්නේ. හැබැයි කලින් ආණ්ඩු මේ වගේ මැර වැඩ කළේ හොර රහසේ. නමුත් මේ ආණ්ඩුව මේ මැර ක්‍රියා ප්‍රසිද්ධියේ ම කරන්න පටන් අරගෙන. පාර්ලිමේන්තු මත්‍රීවරු පවා ඇවිල්ලා ප්‍රසිද්ධියේ බලහත්කාරයෙන් දේපළකට ඇතුල්වෙලා පහරදෙමින් දේපළ විනාශ කරමින් නින්දිත විදිහට තමයි හැසිරුණේ.
දැන් ජනතාව තේරුම් ගන්න ඕන කාරණය තමයි ආණ්ඩුවේ මේ හැසිරීම මෙතනින් නවත්තන්න මැදිහත් නොවුනොත් ඉස්සරහට මේක පොරවෙන්වත් කපන්න බැරි පිළිලයක් බවට පත් වෙනවා. මොකද ආණ්ඩුව මේ යන IMF විනාශකාරී මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ කියන්නෙ ම බලහත්කාරයෙන්, මර්දනයෙන් යන්න වෙන පාරක්. ඒ නිසා තමයි ජේ ආර්ගේ ඉඳලා රාජපක්ෂලා වෙනකල් සියලු ආණ්ඩු මැර බලය සහ පාවිච්චි කරගෙන ආණ්ඩු ගෙනිච්චේ.
මේ ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ අපි වෙනස් නොකර IMF කොන්දේසි ඉටු කරන පාරේ යනවා කියලා. අන්න ඒ ගමනට මූලාරම්භයක් තමයි ආණ්ඩුව ඊයේ යක්කලින් පටන් ගත්තේ.
අද මේ නින්දිත ක්‍රියාවට එරෙහිව විශාල පිරිසක් අපි එක්ක එකතුවෙලා ඉන්නවා. වෘත්තීය සමිති නියෝජිතයෝ, කලාකරුවෝ, සිවිල් පුරවැසියන්, දේශපානලන පක්ෂ වගේම රටේ ජනතාවත් ආණ්ඩුවේ මේ හැසිරීම අනුමත කරන්නේ නෑ. ඒ නිසා ඒ සියලු බලවේග එකතුකරගෙන ආණ්ඩුවේ මර්දනයකට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්."
| මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය
මේ මර්දනය ජනතාව දෙසට එන දිනය වැඩි ඈතක නෑ
"අපි දැක්කා ආණ්ඩුවේ මැර කල්ලියක් ඊයේ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලයට මැර ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ සිදුවීම ඉතාම නින්දිතයි. අපි ඒක පිළිකුලෙන් හෙළා දකිනවා. ජනතාව මේක ඉවසන්නේ නෑ. කාර්‍යාලේ ගන්න ඕන නම් ඒක විසඳගන්න ඕන. අඩුමතරමින් මේ ආණ්ඩුව ධනපති නීතියවත් සැලකුවේ නෑ. ඉතාමත් ෆැසිස්ට්වාදී ගෝත්‍රිකයින් පිරිසක් වගේ තමයි ආණ්ඩුව හැසිරුණේ. වී වැව්වොත් වී නෙළන්න වෙනවා කියලා අද අනුර දිසානායක ජනාධිපතිවරයාට අමතක වෙලා.
දැන් මේ ආණ්ඩුව යන්නේ අමුතුම ක්‍රමයකට. පහුගිය කාලේ රනිල්ව අත් අඩංගුවට ගත්තා. හැබැයි රනිල්ව අත් අඩංගුවට ගත්තේ ගන්න ඕන චෝදනාවලට නෙවෙයි. දැන් ඒ ප්‍රචාරක මෙහෙයුම අස්සේ හැංගිලා සටන් කරන ව්‍යාපාර මර්දනය කරන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. කොහොමත් ජවිපේ හැදුණේ ම කිසි ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක නෙවෙයි. ඒගොල්ලන්ගේ පක්ෂෙ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. දැන් ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමයම මේගොල්ලො අරගෙන ඇවිල්ලා තියනවා රටටත්.
මාධ්‍යවේදියෙක් විදිහට මට එකවෙලාවක කිව්වා හැඳුනුම්පතක් නැති නිසා රජයේ ප්‍රවෘත්ති ආවරණය කරන්න එන්න එපා කියලා. දැන් මේගොල්ලො මාධ්‍යවේදීන්ට දේශපානලන ව්‍යාපාරලවට මේ හැම එකටම මර්දනයේ අත් දිගු කරනවා. ඒ අත ජනතාව දිහාට එන දිනය වැඩි ඈතක නෑ. ඒ නිසා මේ මර්දනයට එරෙහිව දැන්ම එකතුවෙමු කියලා "
(සටහන - ජයසිරි අලවත්ත)




