The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණ නියෝගයක්!

T

The Leader Desk

September 4, 2025 • 4:40 AM

නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණ නියෝගයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
  • නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ විසින් සිදුකර තිබෙන්නේ තුසිත හල්ලොලුව නමැත්තාට නීතිඥවරයෙකු වශයෙන් වෘත්තීය සේවාව සැපයීම පමණක් බවත්, ඔහු කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් ජනාධිපති නීතීඥ සාලිය පිරිස් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු කාරණා සහිතව අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.
  • ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති නීතීඥ රජීව් අමරසූරිය නීතීඥ සංගමය වෙනුවෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ චතුර ගල්හේන ද නීතීඥ සංගමය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
  • ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම, පෙත්සමකරුට එරෙහි විමර්ශනය සහ මහේස්ත්‍රාත් අධිකරණ ක්‍රියාවලිය සහ පෙත්සම්කරු සැකකරුවෙකු ලෙස නම් කිරීම වළක්වමින්, මෙම අතුරු තහනම් නියෝගය දින 14ක කාලයකට බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති විටක, විමර්ශන වලට සහාය නොදක්වන්නේයැයි අසත්‍ය චෝදනාවක් ගොනු කරමින්, තුසිත හල්ලොලුව ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව, ද්වේෂ සහගතව තම සේවාදායකයා අත් අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බව සඳහන් කර තිබේ.

නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ විසින් සිදුකර තිබෙන්නේ තුසිත හල්ලොලුව නමැත්තාට නීතිඥවරයෙකු වශයෙන් වෘත්තීය සේවාව සැපයීම පමණක් බවත්, ඔහු කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් ජනාධිපති නීතීඥ සාලිය පිරිස් පෙත්සම්කරු වෙනුවෙන් කරුණු කාරණා සහිතව අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති නීතීඥ රජීව් අමරසූරිය නීතීඥ සංගමය වෙනුවෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ චතුර ගල්හේන ද නීතීඥ සංගමය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම, පෙත්සමකරුට එරෙහි විමර්ශනය සහ මහේස්ත්‍රාත් අධිකරණ ක්‍රියාවලිය සහ පෙත්සම්කරු සැකකරුවෙකු ලෙස නම් කිරීම වළක්වමින්, මෙම අතුරු තහනම් නියෝගය දින 14ක කාලයකට බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...