ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ රත්නපුර ශික්ෂණ රෝහලෙහි අධ්‍යක්ෂවරයා: සෞඛ්‍ය අමාත්‍යංශය අපකීර්තියට පත් කරමින්, එම පළාතේ රෝගී ජනතාව අපහසුතාවට පත් කරමින්, වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට යොමු කරමින් තව දුරටත් එම අධ්‍යක්ෂ ධුරයෙහි කටයුතු කරමින් සිටින බවයි.
රෝහල් අධ්‍යක්ෂවරයා අවම ප්‍රමිතිය හෝ රකින්නේ නැහැ - ආචාර්ය චමිල් විජේසිංහ
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ අදහස් දක්වමින් පැවසුවේ රත්නපුර ශික්ෂණ රොහල් පද්ධතියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මෙන් ම රොහල් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කේන්ද්‍රීය ම කරුණ බවට පත්වන්නේ රෝහලෙහි පරිපාලනයේ හැසිරීම බවයි.
නමුත් මේ වන විට පවතින තත්ත්වය අනුව රත්නපුර රෝහලෙහි අධ්‍යක්ෂවරයා: රෝහල් පරිපාලකවරයකු, රෝහල් අධ්‍යක්ෂවරයකු පවත්වාගත යුතු අවම ප්‍රමිතිය හෝ පවත්වාගෙන නෙයන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය පුරා ම රත්නපුර ශික්ෂණ රෝහලෙහි ගැටලු ගණනාවක් පැවති බව ද ඔහු පැහැදිලි කළේ ය.
සබැඳි පුවත් :
රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වර්ජනය තව දුරටත්...




