චෙම්මනි සමුහ මිනි වළ අපරාධ ස්ථානයක් ලෙස නම් කිරීමට කටයුතු කරන ලද්දේද ඔහු විසිනි.
චෙම්මනි සමුහ සුසානයේ විමර්ශන සම්බන්ධයෙන් යාපනයේ දෙදින තොරතුරු රැස් කිරීමේ මෙහෙයුමක යෙදුනු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද එදිනම සිය මුල්ම වාර්තාව මගින් අධිකරණ අමාත්‍යවරයාට, පොලිස්පතිට, ආරක්ෂක අමාත්‍යවරයාට යුද හමුදාපතිට සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට මෙන්ම මුදල් අමාත්‍යවරයාට ද වෙත වෙන වෙනම නිර්දේශ මාලාවක් ඉදිරිපත් කොට තිබේ.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහාධිකරණ විනිසුරුවරු ලෙස පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සැප්තැම්බර් 3 වැනිදා පස්වරුවේ නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනකු වෙත පත්වීම් ලිපි ප්‍රධානය කර තිබු අතර එහි යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජාගේ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගියදා නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරගේ නාමයද ඇතුලත්ව තිබේ.
ජනාධිපතිවරයා මෙම පත්කිරීම් සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම චෙම්මනි සමුහ මිනීවල සම්බන්ධ සිය මුල්ම වාර්තාව එළිදක්වමින් අධිකරණ අමාත්‍යවරයාට නිර්දේශ කර තිබුනේ මේ වන විට චෙම්මනි කැනීම් කටයුතු විමර්ශනයේ යෙදෙන වත්මන් උගත් මහේස්ත්‍රාත්වරයාට උසස්වීමක් ලැබුණහොත්, වර්තමාන විමර්ශනයට අදාළව අවශ්‍ය කරන සියලුම සහාය ඔහුගේ අනුප්‍රාප්තිකයාට ලැබීම සහතික කරන ලෙසයි.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා සැප්තැම්බර් 03 වැනිදා පස්වරුවේ කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ කැනීම් කටයුතු සිදු වු බවයි.

දෙවැනි අදියරේ කැනීම් සිදු කළ 42 වැනි දිනය වු සැප්තැම්බර් 3 වැනි බදාදා පුද්ගලයන් නම දෙනකුට අයත් අස්ථි අළුනින් මතු කරගත් චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට පුද්ගලයන් 231 දෙනකුට අයත් අස්ථි පාදාගෙන තිබේ.
ඒවායින් පුද්ගලයන් 213 දෙනකුට අයත් අස්ථි මේ වන විටත් ගොඩ ගෙන අවසන් බවයි කැනීම් කටයුතු වාර්තාකරණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් නම් කොට ඇති සමුහ මිනීවළේ වලදමා ඇති පුද්ගලයන් නඩු නොමැතිව සිදුකරන ලද ඝාතනවලට ගොදුරු වුවන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශ්වාසය පළකරයි.

සැප්තැම්බර් 3 දා නිකුත් කරන ලද වාර්තාවක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන් හා වින්දිතයන්ට අඩන්තේට්ටම් කිරීමෙන් වලකින ලෙස රහස් පොලිසියට නියම කරන ලෙසයි.
ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව ද චෙම්මනි සමුහ මිනීවලේ විමර්ශන ප්‍රතිපල සම්බන්ධයෙන් ‘බැඳියාවක් ඇති පක්ෂ’ ලෙසින් මානව හිමිකම් කොමිසම පිටු 13කින් සමන්විත සිය වාර්තාවෙන් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා වන සේනාධිනායකයාට සහ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ ඕනෑම රාජ්‍ය නිලධාරියකු, සිවිල් සමාජ නියෝජිතයකු, හෝ අතුරුදහන් වූ පුද්ගලයකුගේ පවුලේ සාමාජිකයකු සම්බන්ධ කර ගැනීමද ඇතුළුව, චෙම්මනි හි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට කිසිදු ආකාරයකින් මැදිහත් වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන්ට පැහැදිලි නියෝග නිකුත් කරන ලෙසයි.

විමර්ශන පවත්වන විට (එනම්, ප්‍රකාශයක් ලබා දීමට පුද්ගලයකු කැඳවන හේතුව එම පුද්ගලයාට පැහැදිලිව දැනුම් දීම සඳහා) 2025 ජූලි මස 2 දිනැති පොලිස්පති විසින් නිකුත් කළ RTM 101/CRTM 61 චක්‍රලේඛයට අනුවම කටයුතු කරන ලෙසත්, නිශ්චිත වරදක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින පැහැදිලි අවස්ථාවන්හිදී හැර, චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනය වාර්තාකරණය කරන මාධ්‍ය වේදීන් කැඳවීමට විමර්ශන බලතල අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ (CTID) ට උපදෙස් නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යළිත් වරක් සිහි ගන්වා තිබේ.
ආරක්ෂක හමුදා සාමාජිකයන් හෝ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට චෝදනා එල්ල වී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන ඇතුළු සිදුවීම් විමර්ශනය කිරීමට සහ වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පුළුල් බලතල සහිත ස්ථිර, ස්වාධීන ‘රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකර ඇති බරපතල අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා වන කාර්යාලයක්’ පිහිටුවීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායම් වැනි ප්‍රමුඛ මානව සම්පත් ලබාගැනීමේදී සහ එවැනි සම්පත් වෙන් කිරීමේදී චෙම්මනි හි විමර්ශනය සම්පූර්ණ කිරීමට ප්‍රමුඛතාවය ලබා දීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයාට නිර්දේශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමූහ මිනී වළවල් කිහිපයක් ආශ්‍රිතව කැණීම් කටයුතු කිරීමට සහ පාරිහාරික ද්‍රව්‍ය ගොඩගැනීමට අවශ්‍ය විටක සහාය වීමට හැකි පුරාවිද්‍යා විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපිත කරන ලෙසත් අවධාරණය කර තිබේ.




