The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

සියලු දෙනා අත්වැල් බැඳගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු යි - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 4, 2025 • 3:12 PM

සියලු දෙනා අත්වැල් බැඳගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු යි - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති එබැවින් සියලු දෙනා අත්වැල් බැඳගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • පැය 24 ම බොරුවෙන් ජනතාව රවටලා ''මේ වන විට අපිට තවත් අභියෝග රැසක් පවතිනවා.
  • සිට අප රටක් ලෙස වාර්ෂිකව ඇ.
  • ඩොලර් බිලියන 5.5ක විදේශ ණය ගෙවිය යුතු යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති එබැවින් සියලු දෙනා අත්වැල් බැඳගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද වේරහැර ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරයේ අභිනවයෙන් ඉදි කළ ධාතු මන්දිරය, පරිගණක මධ්‍යස්ථානය සහිත තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

පැය 24 ම බොරුවෙන් ජනතාව රවටලා

''මේ වන විට අපිට තවත් අභියෝග රැසක් පවතිනවා. මේවා ගැන ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු යි. 2028 සිට අප රටක් ලෙස වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5.5ක විදේශ ණය ගෙවිය යුතු යි. එය එසේ කරන්නට 2025, 2026 සහ 2027 යන වසර 3 අවම වශයෙන් 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් ලෝක බැංකුවත් අයි.එම්.එෆ්. එකත් පුරෝකථනය කර තිබෙන ආකාරයට මේ කාලයේ අප රටේ ආර්ථික වර්ධනය වේගය අඩුයි. එබැවින් සියලු දෙනා අත්වැල් බැදගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු යි. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව මේ ගමනට එකතු විය යුතුයි.

5% ආර්ථික වර්ධන වේගය නඩත්තු නොවුවහොත් 2022 තත්ත්වය නැවත වරක් 2028 නිර්මාණය වී ජනතාව පීඩනයට පත්ව අසරණ වෙනවා. දුක්ඛිත කණගාටුදායක තත්ත්වයකට මුල පුරනවා. එම තැනට යන්න කිසිදු අපේක්ෂාවක් නොවන නිසා මේ සත්‍ය වටහා ගෙන මේ ඉලක්ක අභියෝග ජය ගැනීමට සියලු දෙනා කැපවිය යුතු වුවත් අද රටේ ඇත්තේ බොරුවයි, රැවටීමයි, මංමුළාව යි. පැය 24ම බොරුවෙන් ජනතාව රවටා අන්දවලා. ප්‍රවෘත්ති මවමින් නැති දේවල් ඇති කරමින් ඇති දේවල් නැති කරමින් යනවා. මේ ඇන්දවිල්ල තුළ රැවටෙන්නේ ලක්ෂ 220ක් ජනතාව. මුදල් ගෙවා කුලියට විවිධ අසත්‍ය ප්‍රචාර කරමින් බොරුව රජකරවනවා.

අප සැමගේ ම වගකීම

මුදලට ස්ථාපිත කරන ව්‍යාජ පුවත්වලට ඉඩක් නොදිය යුතු යි. බොරුවෙන්, රැවටිල්ලෙන්, චරිත ඝාතනයෙන් මිදී සැබැ අභියෝගය අවබෝධ කර ගත යුතු යි. මුසාවෙන් මුළාවෙන් රටේ ජනතාව රැවටීම නොකළ යුතු යි. අද වන විට සම්බුද්ධශාසනය විනාශ කරන ව්‍යාපෘති පවා ක්‍රියාත්මක යි. මේවා වහාම නතර කළ යුතු යි.

සම්බුද්ධශාසනයට මෙන්ම සෙසු ආගම්වලට ද නිසි තැන ලබා දිය යුතු යි. ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ගම්නියම්ගම් කේන්ද්‍ර කර ගෙන ශාසනික අභිවෘද්ධිය සාමය සමෘද්ධිය සෞභාග්‍ය උදෙසා ශ්‍රේෂ්ඨ ක්‍රියාවලියකට උර දී තිබෙනවා. සුවපත් සමාජයක්, සහකම්පනයෙන් යුත් ශීලාචාර සදාචාරසම්පන්න ශිෂ්ටසම්පන්න පුරවැසි පරපුරක් බිහි කිරීම උදෙසා ගෞරවනිය මහා සංඝරත්නය ඉටු කරන සේවාව අතිවිශිෂ්ට යි. බොහෝ විහාරස්ථාන වැසී යන තැනට පත්ව ඇති මොහොතක, සමාජයේ මානුෂීය ගුණාංග පවා බැහැරව යන මොහොතක, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර ආගම දහම රැකගෙන රටට සෞභාග්‍ය උදා කරවීම සැමගේ වගකීමකි.

ඉතිහාසය විෂය ඉවත් කිරීම වැරැදියි

අප රටේ ඇත්තේ යල්පැනගිය අධ්‍යාපනයක්. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර, නූතනවාදී කර, නවීකරණය කර, පැරැණි ඉපැරණි ගුණාංග රැකගෙන, සුහුරු අධ්‍යාපනය අප රටේ ක්‍රියාත්මක කර, විද්‍යා තාක්ෂණ, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් ඇති කළ යුතුයි. එහි දී ඉතිහාසය විෂය බැහැර කරනවා නම් එය වැරදි යි. ඉතිහාසය ගැන පාසල් දූදරුවන්ට දැනුමක් තිබිය යුතු යි. ඉපැරණි ශිෂ්ටාචාර ගැන අවබෝධයක් ලබමින් නවීන ලෝකයට නව යුගයට ඔබින සුහුරු අධ්‍යාපන ක්‍රමයකට යා යුතු යි.

ගිරා පෝතක කටපාඩම් අධ්‍යාපනයෙන් බැහැරව ලොව ඕනෑම තැනක ඕනෑම විෂයක් කේන්ද්‍ර කර ගෙන කුසලතාව නිපුණතාව මත රැකියා වෙළෙදපොළේ තරග කර රැකියා ලබා ගත හැකි පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයකට මුල පිරිය යුතු යි.''

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...