The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ආණ්ඩුව, පෞද්ගලික දේපළකට බලහත්කාරයෙන් ඇතුළු වී එම දේපළ පැහැර ගත්තා - දුමින්ද නාගමුව

T

The Leader Desk

September 4, 2025 • 3:38 PM

ආණ්ඩුව, පෞද්ගලික දේපළකට බලහත්කාරයෙන් ඇතුළු වී එම දේපළ පැහැර ගත්තා - දුමින්ද නාගමුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
  • "පසුගිය සැප්තැම්බර් 02වන දා යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළ් වුණ ආණ්ඩුවේ මැර කණ්ඩායමක් කාර්‍යාලයේ රැඳී සිටි අයට පහරදීලා එම ස්ථානය බලහත්කාරයෙන් අත්පත්කරගත්තා.
  • ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද ජයසිංහ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් මෙම පහරදීමට ඍජුව සම්බන්ධ වෙලා හිටියා.
  • මෙච්චර ලොකු මෙහෙයුමක් පැය කිහිපයක් ඇතුළත කරන්න පොලීසියට ඕඩර් එක ආවේ කාගෙන්ද කියන ප්‍රශ්නය අපිට තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය සැප්තැම්බර් 02වන දින යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට ආණ්ඩුවේ මැර කණ්ඩායමක් බලහත්කාරයෙන් ඇතුළු වී එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අද ( 04 ) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අචහස් දැක්වූ දුමින්ද නාගමුව...

හදිසි පොලිස් කැඳවීම කළේ කවුද...?

"පසුගිය සැප්තැම්බර් 02වන දා යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළ් වුණ ආණ්ඩුවේ මැර කණ්ඩායමක් කාර්‍යාලයේ රැඳී සිටි අයට පහරදීලා එම ස්ථානය බලහත්කාරයෙන් අත්පත්කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද ජයසිංහ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් මෙම පහරදීමට ඍජුව සම්බන්ධ වෙලා හිටියා.

අපි අද පොලිස්පති කාර්‍යාලයට ආවේ මේ සම්බන්ධයෙන් වූ තොරතුරු ප්‍රමාණයක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න. මොකද මෙම පහරදීම ආරම්භ වෙලා සුළු මොහොතකින් ඒ ස්ථානයට පොලිසියේ විශාල පිරිසක් පැමිණියා. එතකොට අපි අහන්නේ කවුද මේ පොලිස් කැඳවීම කළේ? අනිත් එක තමයි මේ අවස්ථාවේ පොලීසිය හැසිරුණු ආකාරයත් ප්‍රශ්න සහගතයි. ගම්පහ, යක්කල, වීරගොඩ වගේ ස්ථාන රැසකින් පොලීසිය ඇවිත් තිබුණා. ඒ පොලීසිය ආපු රථවාහනවල ඡායාරූප අපි ළඟ තියනවා. එස් ටී එෆ් බස් රථයක් පවා එතනට ආවා. මෙච්චර ලොකු මෙහෙයුමක් පැය කිහිපයක් ඇතුළත කරන්න පොලීසියට ඕඩර් එක ආවේ කාගෙන්ද කියන ප්‍රශ්නය අපිට තියනවා.

මෙම ප්‍රහාරයේ දී රාජ්‍ය දේපළ අවභාවිත කරා ද...?

මේ කාර්‍යාලේ අපේ පුස්තකාලයට අයත් පොත්පත් දෙදහකට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව ලැප්ටොප් පරිගණක ඇතුළේ අපේ පක්ෂයට අයත් බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් මේ ස්ථානයේ තිබුණා. අපි මේ බඩුටික ගන්න පොලීසියෙන් ඉල්ලීම් කළත් ඔවුන් කිව්වේ අපිට ඒ සඳහා අවස්ථාව දෙන්න බැහැ කියලා. මේක පක්ෂ දෙකක් අතර ප්‍රශ්නයක් ඒ නිසා පොලීසියට මැදිහත් වෙන්න බැහැ කියලා තමයි දිගින් දිගට ම පොලීසිය කිව්වේ.

නමුත් අපිට තියනවා ප්‍රශ්නයක්. දැන් මේ මෙහෙයුමට රජයේ වාහන භාවිතා වුණා. පොලීසිය එස් ටී එෆ් එක ඇතුළු විශාල ප්‍රමාණයක් ආවා. බැරියර් පවා ගෙනාවා. එතකොට ඒවට මුදල් කොහෙන්ද? මේක එහෙම නම් රාජ්‍ය දේපළ අවභාවිතක් නෙවෙයි ද ?ඒ නිසා තමයි අපි අද පොලිස්පතිවරයාගෙන් මේ ගැන තොරතුරු ලබාදෙන්න කියලා ඉල්ලමින් ලිපියක් බාර දුන්නේ. අපි හිතනවා දින 14 ක් ඇතුලත ඊට අදාළ තොරතුරු අපිට ලබාදෙයි කියලා.

බලයෙන් හිස උදුම්මා ගත් ආණ්ඩුව

අනිත් කාරණය තමයි අපිට රටේ ජනතාවටත් මේ ගැන කියන්න දෙයක් තියනවා. අපි දැක්කා ආණ්ඩුව මේ සිද්ධිය සම්පූර්ණ නීත්‍යානුකූල විදිහට වුණ දෙයක් විදිහට මාධ්‍ය හරහා හුවා දක්වනවා. නමුත් අපි දැක්කා මේ කටයුත්ත සම්පූර්ණයෙන් වුණේ නීතිවිරෝධීව සහ මැර බලය පාවිච්චි කරමින්. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අවුරුදු 14ක් මේ කාර්‍යාලයේ හිටියා. මැතිවරණ දෙපාර්තුමේන්තුවේ පවා මෙම ස්ථානය ලියාපදිංචි වෙලා තියනවා. අපේ සියලු වෘත්තීය සමිති නිල ලිපිනය විදිහට පාවිච්චි කරන්නේ මේ කාර්‍යාලය. ඒ නිසා අපිව දැනුවත් නොකර ගත්ත ඒක පාර්ශවීය නඩු තීන්දුවක් පෙන්නල දැන් ආණ්ඩුව පිරිසිදු වෙන්න බලනවා.

නමුත් ඇත්ත කතාව තමයි පෞද්ගලික දේපළකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා ඒ දේපළ පැහැරගැනීම තමයි ආණ්ඩුව කළේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මෙවැනි නින්දිත කටයුතුවලට ඉඩ තියන්න එපා. මේ ආණ්ඩුව දැන් ඉන්නේ බලයෙන් හිස් උදුම්මගෙන. තමන්ට හිතුණ හිතුණ දේ කරනවා. නීතිය අවභාවිතා කරනවා විතරක් නෙවෙයි ජනතාවගේ දේපළ බලහත්කාරයෙන් පැහැරගන්නවා. මුත්තු නගර් මන්නාරම වගේ ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් පැහැරගෙන ඉන්දියාවට විකුණන්න යන්නෙත් මේ විදිහට. ඒකට ඉඩ දිය යුතු නැහෑ. ඒ නිසා මේ අත්තනෝමතික ක්‍රියාවට එරෙහිවන එකතු වෙන්න කියලා අපි රටේ සියලු දෙනාට ආරාධනා කරනවා."

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...