The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහි ගල්කිස්සේ නඩුව අත්හිටුවා ඇත්තේ ඇයි?

T

The Leader Desk

September 4, 2025 • 5:08 PM

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහි ගල්කිස්සේ නඩුව අත්හිටුවා ඇත්තේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (සැප්: 04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
  • ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරුණු බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
  • 'මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියාකලාපය වැරදිසහගතයි' - පෙත්සමේ නීතිඥ මහේස්ත්‍රාත්වරියගේ එම ක්‍රියා කලාපය වැරදිසහගත බවත් මේ තුළින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
  • ඒ අනුව, මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු, පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (සැප්: 04) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සම්කරුගේ කරුණු දැක්වීම

පෙත්සම්රු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන පෙරේරාගේ උපදෙස් මත නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, 2023 වසරේ ඔක්තෝබර් මස සිදුවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථවාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබූ බව ය.

ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැරුණු බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඉන් අනතුරුව තම සේවාදායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීම යන චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්න ද, නීතිපතිවරයා එවැනි උපදෙසක් අධිකරණයට එවා නොමැති නිසා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

'මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියාකලාපය වැරදිසහගතයි' - පෙත්සමේ නීතිඥ

මහේස්ත්‍රාත්වරියගේ එම ක්‍රියා කලාපය වැරදිසහගත බවත් මේ තුළින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු, පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියම කළ අතර, විරෝධතා තිබේ නම් ඒවා ලබන 23 වන දා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේ ය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 25 වන දා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේ ය.

(උපුටා ගැනීම - බීබීසී සිංහල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...