The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නීතිඥවරුන් සම්බන්ධයෙන් කරන ලද ඇතැම් නිරීක්ෂණ පිලිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

September 5, 2025 • 6:13 AM

නීතිඥවරුන් සම්බන්ධයෙන් කරන ලද ඇතැම් නිරීක්ෂණ පිලිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති රජිව් අමරසුරිය හා ලේකම් චතුර ඒ ගල්හේන ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
  • එසේම, නීති වෘත්තිකයෙකුට තම සේවාදායකයාගේ යහපත සඳහා නීතියෙන් සපයා ඇති රාමුව තුළ තම වෘත්තියෙහි යෙදීමේ හැකියාව ඉතා පැහැදිලිව ලබා දෙන මූලධර්මය, සම්මුතිය සහ භාවිතය නීතීඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
  • නීතිඥවරුන්ගේ වෘත්තීය චර්යාවන් සමාලෝචනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා නීති පද්ධතියේ ඇති නිශ්චිත යාන්ත්‍රණයන්ට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගරු කරයි.
  • එය යුක්තිය පසිඳලීමේ පද්ධතියට ඍජුවම බලපාන කාරණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති රජිව් අමරසුරිය හා ලේකම් චතුර ඒ ගල්හේන ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනය මගින්,

* සේවාදායකයෙකුගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෘත්තීයමය වශයෙන් නියෝජනය කරන නීතිඥවරුන්ගේ ස්වාධීන කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

* එසේම, නීති වෘත්තිකයෙකුට තම සේවාදායකයාගේ යහපත සඳහා නීතියෙන් සපයා ඇති රාමුව තුළ තම වෘත්තියෙහි යෙදීමේ හැකියාව ඉතා පැහැදිලිව ලබා දෙන මූලධර්මය, සම්මුතිය සහ භාවිතය නීතීඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

* නීතිඥවරුන්ගේ වෘත්තීය චර්යාවන් සමාලෝචනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා නීති පද්ධතියේ ඇති නිශ්චිත යාන්ත්‍රණයන්ට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගරු කරයි.

* එහෙත්, නීතිඥවරයෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ නියෝජනයන් සිදු කිරීම සම්බන්ධයෙන් අපහාස විධිවිධාන යටතේ පුද්ගලයෙකු වරදකරු කර දඬුවම් නියම කරමින් 2021 ජූලි 15 වන දින නිකුත් කරන ලද අංක 3/2016 දරන ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව කෙරෙහි නීතිඥ සංගමය අවධානය යොමු කරයි.

එය යුක්තිය පසිඳලීමේ පද්ධතියට ඍජුවම බලපාන කාරණයකි.

* මෙහිදී, යුක්තිය පසිඳලීමේ පද්ධතියට අදාළ කාරණාවලදී සියලුම පාර්ශවකරුවන් සංයමයෙන්, වගකීමෙන් සහ වගවීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත් අවශ්‍යතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.


අවශ්‍යතාවක් ඇති වුවහොත්, ඕනෑම සංසදයකදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම වෘත්තීය අයිතිවාසිකම් ශක්තිමත් ලෙස ආරක්ෂා කරනු ඇති බවද එකී නිවේදනයේ සඳහන් වේ.

WhatsApp Image 2025 09 05 at 9.47.13 AM
BAR hhw98w3u
සබැඳි පුවත් :

නීතිඥ දිනේෂ් දොඩන්ගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණ නියෝගයක්!

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...