The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අමුතු ආකාරයකට වලදැමූ සිරුරක් චෙම්මනියෙන් මතුවේ

T

The Leader Desk

September 6, 2025 • 3:04 AM

 අමුතු ආකාරයකට වලදැමූ සිරුරක් චෙම්මනියෙන් මතුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය හින්දු චාරිත්‍රානුකූල භූමදාන සෙයියාවක් නොවන බව යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සින්නරාජ් රමනරාජා විසින් තහවුරු කර ඇත.
  • එම සිරුර හමුවී ඇත්තේ ඊයේ පාදාගත් ඇටසැකිලි පොදියත් සමගිනි.
  • චෙම්මනි සමුහ සුසානයෙන් සිකුරාදා (5) පාදාගත් සිරුරු 5 සමග හඳුනා ගෙන ඇති මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය හතලිහ දක්වා ඉහළ ගොස් තිබේ.
  • ඊයේ දිනයේ පුද්ගලයන් 11 දෙනකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එය හින්දු චාරිත්‍රානුකූල භූමදාන සෙයියාවක් නොවන බව යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සින්නරාජ් රමනරාජා විසින් තහවුරු කර ඇත. එම සිරුර හමුවී ඇත්තේ ඊයේ පාදාගත් ඇටසැකිලි පොදියත්  සමගිනි.

චෙම්මනි සමුහ සුසානයෙන් සිකුරාදා (5) පාදාගත් සිරුරු 5 සමග හඳුනා ගෙන ඇති  මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය හතලිහ දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ පුද්ගලයන් 11 දෙනකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.

ඊයේ පාදාගත් සිරුරු පොදියේ අඩුම වශයෙන් හිස් කබල් හයක්වත් තිබුණු බව වීඩියෝ දර්ශනවලින් දැකගත හැක.

චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 235 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.

ඊයේ විමර්ශන කටයුතු සිදුකෙරුණේ යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් යටතේය.

 කැනීමේ නිරත විශේෂඥයන්ගේ ඉල්ලීම පරිදි ඊයේ හමුවූ සුවිශේෂ ආකාරයකින් පිහිටි ඇටසැකිල්ල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කැනීම් භුමියට කැඳවන ලද  යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සින්නරාජ් රමනරාජා ඉදිරියේ දී අධිකරණයට වාර්තාවක් ලබා දීමට නියමිත බව නීතිඥ වී එස් නිරංජන් වැඩි දුරටත් සදහන් කරයි.

 
සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.

එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා  පොලිසියට නියෝග කළේය.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි. 

01

02

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමුතු ආකාරයකට වලදැමූ සිරුරක් චෙම්මනියෙන් මතුවේ | The Leader