The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වර්තමාන ආණ්ඩුව ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කළ යුතුයි - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

September 6, 2025 • 3:19 AM

වර්තමාන ආණ්ඩුව ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කළ යුතුයි - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී Citizen Voice වැඩසටහන යටතේ සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී ය.
  • , 2020, 2022 බඳවා ගත් පිරිස අද අන්ත අසරණ වෙලා ''පුරා වසර 6ක් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ඛේදවාචකයන් ගණනාවක් මැද රටේ ඇති වූ බරපතළ ගුරු හිඟයත් සමග, කොරෝනා අභියෝගය සමග මෙරට අධ්‍යාපන ක්‍රමය දැවැන්ත ලෙස බරපතල ලෙස කඩා වැටෙමින් තිබුණා.
  • බඳවා ගත් උපාධිධාරින් 53000න් 22000ක් මේ ඛේදවාචකයෙන් අප රටේ දරු පරපුර බේරා ගන්න ගුරුවරු ලෙස බඳවා ගත්තා.
  • අද මේ 22000 රජයේ වැරදි තීන්දු මත 16600ට අඩු වෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී Citizen Voice වැඩසටහන යටතේ සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...


2018, 2020, 2022 බඳවා ගත් පිරිස අද අන්ත අසරණ වෙලා

''පුරා වසර 6ක් පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ඛේදවාචකයන් ගණනාවක් මැද රටේ ඇති වූ බරපතළ ගුරු හිඟයත් සමග, කොරෝනා අභියෝගය සමග මෙරට අධ්‍යාපන ක්‍රමය දැවැන්ත ලෙස බරපතල ලෙස කඩා වැටෙමින් තිබුණා. 2020 බඳවා ගත් උපාධිධාරින් 53000න් 22000ක් මේ ඛේදවාචකයෙන් අප රටේ දරු පරපුර බේරා ගන්න ගුරුවරු ලෙස බඳවා ගත්තා.

අද මේ 22000 රජයේ වැරදි තීන්දු මත 16600ට අඩු වෙලා. මේ 16600 වසර 5ක 6ක අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රායෝගික පුහුණුවක් සහ අත්දැකීමක් සහිතව එම ක්‍රියාවෙහි ම නිරතව ලැබුවා. මේ අය ඇත්ත වශයෙන්ම අභ්‍යාසලාභී ගුරු සංවර්ධන උපාධිධාරින්. මේ 53000ක් බඳවා ගන්නා විට ග්‍රාමීය හා වතු පාසල්වල ඇති අධ්‍යාපන ප්‍රශ්න ද පදනමක් වී තිබෙනවා. මේ ක්‍රියාවලිය තුළ 2018, 2020, 2022 බඳවා ගත් අය අද අන්ත අසරණ වෙලා.

එදා ගුරුවරුන්ගේ වේතනය වැඩි කිරීමක් වෙනුවෙන් මහපාරට බැස අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින විට මේ උපාධිධාරින්ට සේවයට පැමිණිම අනිවාර්ය ලෙස නිවේදන නිකුත් කර තිබුණා. වත්මන් රජයේ මන්ත්‍රීවරුන් පවා මහපාරට බැස සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ අරගලයේ සිටියා. ඔවුන් විපක්ෂයේ සිටින කාලයේ සිදු කළ අරගලය සත්‍යවාදී නම් අද බලයේ සිටින විට මේ ගුරුවරුන්ට සාධාරණයක් සිදු කල යුතු යි.

උපාධිධාරින් 52000කට ඇබෑර්තු තිබෙනවා

අභ්‍යසලාභී ගුරුවරු ලෙස ප්‍රායෝගික පර්යේෂණයක් හරහා මේ අය බදවා ගෙන වසර 3ක් තුළ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගෙන 2.2 ශ්‍රේණියට බදවා ගැනීම සමථකරණ තීන්දුව වුවත් මේ රජය එම තීන්දුව පවා උල්ලංඝනය කර කර තිබෙනවා. එදා සිදුවූ ගරා වැටීම, කඩා වැටීම හරහා පාසල් පද්ධතිය ගොඩගැනීමට මේ අයගෙන් උදව් ගත්තත් අද මේ අයට ගුරු වෘත්තියට සාධාරණ ක්‍රමයක් ලෙස අන්තර්ග්‍රහණය කිරීම සිදු කරන්නේ නැහැ.

රටේ උපාධිධාරින් 52000කට පමණ ඇබෑර්තු තිබෙනවා. මේ සඳහා මොවුන් මෙන්ම රැකියා විරහිත උපාධිධාරීන්ද  බඳවා ගත හැකි යි. දැනටත් පාසල් පද්ධතිය තුළ ඉගැන්වීමේ ක්‍රියාවලියේ සිටින්නේ මේ අය යි. දැනටත් වැටුප් ගෙවන නිසා බඳවා ගැනීමේ අලුත් බරක් ඇති නොවුවත් අද මේ අයගේ ඡන්දයෙන් පර්ලිමේන්තු ගිය ජනතා විමුක්ති පෙරමුණේ අය අද මේ ගුරුවරු බලහත්කාරයෙන් ගුරු වෘත්තියෙන් ඉවත් කර වෙන වෙන ආයතනවලට යොමු කරන්න උත්සාහ කරනවා. මෙය අසාධාරණ ක්‍රියාවක්. මේ දේවල් ක්‍රියාත්මක කිරීම අමාරු නැහැ; ඒ සඳහා ඔ්නෑ තරම් පූර්වාදර්ශ තිබෙනවා.


වසර 5ක් 6ක් හෝ ඊටත් වැඩි කාලයක් කළ සේවය අමතක කළ යුතු ද...?

අභ්‍යාසලාභීන් ලෙස 2004ට පෙර බඳවා ගත් ගුරුවරු 2005 පළමු මස සිට විභාගයකින් තොරව බඳවා ගත්තා. මීට පෙර ද එවැනි දේ සිදු වුණ බවට සාක්ෂි තිබෙනවා. එසේ කරන විට පවා ගුරු ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම තිබුණා. එම නිසා මෙය බාධාවක් කියා කාටවත් කියන්න බැහැ. පූර්වාදර්ශ ඇති මොහොතක ලක්ෂ ගණනක් අප රටේ පාසල් දූදරුවන්ට සාධාරණයක් කරන්න. මොවුන් වසර 5ක් 6ක් හෝ වැඩි කාලයක් ගුරුවරු ලෙස කළ සේවය අමතක කරන්න බැහැ. මේ අයට දිය යුතු සුදුසු වටිනාකම දිය යුතු යි.

 සමගි ජන බලවේග රජයක් යටතේ මේ අයට හිමි අයිතිය ලබා දී යුතුකම් ඉටු කරනවා; මේ අය වෙනුවෙන් කළ හැකි උපරිම ප්‍රජාතන්ත්‍රවාදී බලපෑම සිදු කරනවා; ඒ අයගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා. මේ අය අයිතින් වෙනුවෙන් මහපාරට බැස්සට පස්සෙ මිලේච්ඡ ආකාරයට පහර දුන්නා. එම නිසා මේ අයට නිසි සාධාරණත්වය ඉටු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වර්තමාන ආණ්ඩුව ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කළ යුතුයි - සජිත් ප්‍රේමදාස | The Leader