යතුරුපැදි වන අතර ඒ ප්‍රමාණය එක්ලක්ෂ විසි හත්දහස් හත්සිය හතළිස් පහකි.
එසේම මෝටර් කාර් විසි හයදහස් අටසිය අනූ හතරක් ද, ත්‍රිරෝද රථ පන්දහස් අටසිය නවයක්ද, ද්විත්ව කාර්ය වාහන එක්දහස් හයසිය හැට හයක්ද, ඉඩම් වාහන දෙදහස් එකසිය විසි දෙකක්ද ඇතුළු විවිධ කාණ්ඩ යටතේ වාහන ලියාපදිංචි කර ඇත.
එසේම විද්‍යුත් වාහන විසි පන්දහස් පන්සිය විසි හයක් ද මෙම කාලය තුළ ලියාපදිංචි කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.
විද්‍යුත් කාර් රථ තුන්දහස් දෙසීය විසි දෙකක්, වෑන් රථ පහක්, ත්‍රිරෝද රථ එකසිය පනස් පහක්, යතුරපැදි විසි දෙදහස් එකසිය තිස් තුනක් මේ අතර වෙයි.
මේ අතර වාහන අංක තහඩු මුදුණය මාස හයක සිට නැවතීමත් සමග මේ ලියාපදිංචි කරන ලද වාහන අතරින් ලක්ෂයකට අධික වාහන ගණනකට අංක තහඩු ලැබී නොමැත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අංක තහඩු මුද්‍රණය කිරීමේ කාර්ය ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් පුද්ගලික සමාගමක් වෙත ලබාදීමට නියමිත බවය.
කෙසේ වෙතත් අංක තහඩු මුද්‍රණය නැවතීම මත වාහන අංක තහඩු සකස් කරන ව්‍යාපාරික ස්ථානවල ගාස්තු ද අසීමිත ලෙස වැඩිවී ඇත.
(aruna.lk | එෆ්.අස්ලම්)




