The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

T

The Leader Desk

September 6, 2025 • 8:50 AM

 ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ඊයේ (5) පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවය.
  • අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
  • දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ ට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර, එහිදී ඔහු මේ මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
  • ඌවේ මහ ඇමති ධූරය සහ ඇමති ධූර හතරක් දැරූ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ 2009 – 2015 කාල සීමාවේ ඌව පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ඊයේ (5) පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවය.

 අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


අත්අඩංගුවට ගත්තේ කුමන චෝදනාව යටතේ ද?

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනයක් නිකුත් කර තිබිණි.

''ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022.05.09 වන දින ඇති වූ ජනතා අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, වන්දි ලබා ගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන් ම මෙම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳව 5(1) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.' යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.

දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ ට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර, එහිදී ඔහු මේ මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


ඌවේ මහ ඇමති ධූරය සහ ඇමති ධූර හතරක් දැරූ බස්නායක නිලමේ


ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ 2009 – 2015 කාල සීමාවේ ඌව පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා ද වේ.

හිටපු කතානායක චමල් රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඥාති පුත්‍රයෙකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අමාත්‍ය ධූර කිහිපයක් හොබවා තිබේ.

ඔහු වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2020 වසරේදී පත් කරනු ලැබී ය.

2021 වසරේ සිට 2022 අප්‍රේල් දක්වා ඔහුට කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සහ සැපයුම් නියාමනය කිරීම සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි විය.

2022 වසරේ සිට 2024 දක්වා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2024 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ, ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...