The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ඕනෑම අවස්ථාවක වෙනස් කරන්න පුළුවන් - විජයදාස රාජපක්ෂ

T

The Leader Desk

September 6, 2025 • 10:59 AM

 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ඕනෑම අවස්ථාවක වෙනස් කරන්න පුළුවන් - විජයදාස රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව සඳහන් කරන්නේ උක්ත කරුණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් ඉදිරිපත් කරමිනි.
  • නමුත් එදා විජයදාස රාජපක්ෂ එයට පක්ෂව ජන්දය නොදීම නිසා ජන්ද 150 ක් ලබා ගැනීමට නොහැකි වී ඇත.
  • මතු පළ වන්නේ නීතිඥ විජේදාජ රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ලිපිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව 2/3 ජන්දයෙන් සම්මත වූ පනතක් ලෙස නොසැලකිය හැකි බවත්, එබැවින් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් සිදු කළ යුතු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු නෛතික බාධාවක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍යවරයකු වන නීතිඥ විජේදාජ රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ උක්ත කරුණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් ඉදිරිපත් කරමිනි.

ඔහු එම ලිපියේ සඳහන් කරන අන්දමට කොළඹ වරාය නගර ආර්ථික ව්‍යාපෘතිය රජය සහ ආයෝජන සමාගම සමඟ ගිවිසුමක් මඟින් සිදු කිරීමට ද හැකියාව තිබූ නමුත් ඔවුන් පාර්ලිමේන්තු පනතක් මගින් එය සිදු කිරීමට පාලකයන් සූක්ෂම ලෙස පොලබවන ලද්දේ පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් සම්මත කළ හොත් එම නීති ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවකදී වුව ද වෙනස් කිරීමට නොහැකි බවට පවතින බාධා නිසා ඔවුන්ට වඩාත් වාසි සහගත තත්ත්වයක් ලබා ගැනීමේ යටි අරමුණෙනි.

නමුත් එදා විජයදාස රාජපක්ෂ එයට පක්ෂව ජන්දය නොදීම නිසා ජන්ද 150 ක් ලබා ගැනීමට නොහැකි වී ඇත.

 එවකට සිටි පාලකයන්ට මෙම තත්ත්වය කොතෙක් පැහැදිලි කළ ද ඔවුන් තුළ තිබූ උද්ධච්චභාවය නිසාත්, රට ගැන හැඟීමක් නොතිබූ නිසාත් විදේශ බලවේගයක අතකොලුවක් බවට පත් වී එම අනර්ථය සිදු කර ඇති බවත් එම ඓතිහාසික වැරුද්ද නිවැරුදි කිරීම සඳහා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකට කාලය කාලය ඒළඹ ඇති බවත් ඒම ලිපියේ සඳහන් වේ.

 

මතු පළ වන්නේ නීතිඥ විජේදාජ රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ලිපිය යි. 

 

wijayadasa l2025.09.06

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...