තමා දකින්නේ යැයි සිනමා අධ්‍යක්ෂක මාලක දේවප්‍රිය පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ "යුක්තියෙන් තොර සාමයක් නැත. පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු...!" යන මැයෙන් අද (06) කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැති කලාකරුවන්ගේ ප්‍රකාශය ජනගත කිරීමට සහභාගි වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මාලක දේවප්‍රිය...
පලස්තීයන තුළ දියත් වෙන්නේ දැවැන්ත ජන සංහාරයක්
"මම අද කතාකරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට. අද ලෝකය කියන්නේ ප්‍රශ්න ගැටලු සාකාච්ඡා කරල ප්‍රශ්න විසඳගන්න පුලුවන් විදිහට ශිෂ්ටාචාරගත වුණු ලෝකයක්. එහෙම ලෝකය අවි ආයුධ බෝම්බ පාවිච්චි කරලා ප්‍රශ්න විසඳීම කොහෙත්ම අනුමත කරන්න බැහැ. විශේෂයෙන් පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය දියත් කරන්න මෙලෙච්ඡ ප්‍රහාරය මම කලාකරුවෙක් විදිහට සම්පූර්ණයෙන් හෙළා දකිනවා.
පලස්තීනය කියන්නේ බොහොම දියුණු සංස්කෘතියක් තිබුණු රටක්. අපි දන්නවා ඒ රටේ විශිෂ්ට කවියෝ හිටියා. බොහොම දියුණු සිනමාවක් පල්ස්තීයනය සතුයි. මුළු ලෝකෙම ජනප්‍රිය වුණු පොත්පත් පලස්තීන් ජනතාව ලියලා තියනවා. අද ඒ පලස්තීයන තුළ දියත් වෙන්නේ දැවැන්ත ජන සංහාරයක්. එතනිනුත් නවතින්නේ නැතුව ඝාතකයින් උත්සහා කරන්නේ දියුණු පලස්තීන සංස්කෘතිය ලෝකයෙන් අතුගාලා දාන්න. කලාකරුවෝ, කවියෝ, සඨන් කරන මිනිස්සු විතරක් නෙවෙයි අනාගතය බාර ගන්න ඉන්න කුඩා දරුවන් පවා අද ඝාතනය වෙනවා.
දවසින් දවස උග්‍රවෙන මේ මෙලෙච්ඡ මානව සංහාරය මම දකින්නේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් විදිහට. ඒ නිසා ඒ දැවැන්ත සංහාරයට එරෙහිව එකතුවෙමු කියලා මම සියලු කලාකරුවන්ට ආරාධනා කරනවා."
මෙම අවස්ථාවේ දී සිය අදහස් ප්‍රකාශ කිරිම සඳහා ලේඛක ලේඛිකාවන්, නාට්‍යවේදින්, සිනමාවේදින්, කලා අධ්‍යක්ෂවරුන් සංගිත අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මතු පළ වන්නේ ඔවුන් දැක්වූ අදහස් ය.
පලස්තීන ජනතාවට අපේ සහයෝගය දැක්විය යුතුයි - සංගීතවේදී මොහොමඩ් ඉක්බාල්

"පලස්තීනය වෙනුවෙන් ඔබ මේ නගන හඬ මම ඉතාම අගය කරනවා. අපි දන්නවා 1948 ලංකාවට නිදහස ලැබුණේ බ්‍රිතාන්‍ය රජයේ තීරණයක් උඩ. නමුත් අද වෙද්දි ඒක ඇත්තම නිදහසක් ද කියන ප්‍රශ්නය අපිට තියනවා. අද ලංකාව කියන්නේ බෙදුණු රටක්. අපි ජාතින් විදිහය බෙදිලා. පාසල් පවා තියෙන්නේ බෙදුණු සංස්කෘතිය ආරක්ෂා කරන්න. අපිව මේ විදිහට බෙදලා තියාගන්නේ ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටවල වුමනාවම සපුරගන්න.
අද පලස්තීයන ඇතුළු මැදපෙරදිග වෙන්නෙත් මේකම තමයි. ඇමරිකාවට මැදපෙරදිග තියෙන තෙල් සම්පත කොල්ලකන්න තමයි අද නිදහස් පලස්තීයට එරෙහිව දැවැන්ත සංහාරයක් පටන් අරගෙන තියෙන්නේ. ඊශ්‍රායලය කියන රූකඩ රාජ්‍ය අටවගෙන අද ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් මුළු මැදපෙරදිග භූමිය පුරාම දැවැන්ත ලේ වැගිරීම් කරනවා. ඒ මෙලෙච්ඡත්වයට එරෙහිව අපි එකතුවෙන්න ඕන. අපි මේ වෙලාවේ පලස්තීන ජනතාවට අපේ සහයෝගය දක්වන්න ඕන. පලස්තීන ජනතාවට ජය වේවා."
කලාකරුවෝ ලෙස මේ සංහාරයට එරෙහි විය යුතුයි - ලේඛිකා චානු නිමේෂා

" අපි රටක් විදිහට ලේ කඳුළුවල වේදනාව ඕන තරම් විඳලා තියනවා. ඒ නිසා ඒ හැඟීම අපි හොඳටම දන්නවා. අද පලස්තීන ඇතුළෙත් වෙමින් තියෙන්නේ ඒ සෙල්ලමම තමයි. මම හිතනවා අපි කලාකරුවෝ විදිහට මේ සංහාරයට එරෙහි වෙන්න ඕන. අපි ලංකාවේ ජන සංහාරයන්ටත් එරෙහි වුණා. එහෙනම් අපි පලස්තීනයේ අද දරුවෝ කාන්තාවන් ඝාතනය කරමින් ක්‍රියාත්මක වෙන සංහාරයටත් එරෙහි වෙන්න ඕන. ඒක කලාකරුවන් විදිහට අපිට මගහරින්න බැරි වගකීමක්. ඒ වගකීම ඉටු කරන්න එකතුවෙන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. "
මනුෂ්‍ය වර්ගයාට අසාධාරණයක් වෙන ඕන වෙලාවක අපි එකට එකතු විය යුතුයි - සිනමාවේදී උපාලි ගම්ලත්

"අපි කාලයක් බලාගෙන හිටියා ගාසාතීරයට මොකද වෙන්නේ කියලා. හැබැයි අපි ඒ දිහා බලාගෙන දුක් වෙන එක තේරුමක් නෑ. දේශපානලන උනන්දුවක් තියෙන කලාකරුවෝ විදිහට අපි අරගලයක් කරන්න ඕන මෙලෙච්ඡ සංහාරයට එරෙහිව. අද අපි මෙතනින් ගන්න ආරම්භය ඒ අරගලයට ඉතාම වැදගත්. කලාකරුවෝ විදිහට අපේ වගම්කීම වෙන්නේ තමන්ගේ කලාව විතරක් කරගෙන ඉන්න එක නෙවෙයි. මනුෂ්‍ය වර්ගයාට අසාධාරණයක් වෙන ඕන වෙලාවක අපි එකට එකතු වෙන්න ඕන. අද අපි පලස්තීනය වෙනුවෙන් එකතුවෙන්න ඕනත් අන්න ඒ නිසා. "
අද ලෝකයේ වැඩිපුර ඉන්නේ මනුෂ්‍යත්වයට වඩා පොකට් එක ගැන හිතන කලාකරුවෝ - නාට්‍යවේදී අජන්ත අලහකෝන්

"කලාකරුවෙක් විදිහට මම කොතන වුණත් වෙන අධිරාජ්‍ය මැදිහත් වීම්වලට විරුද්ධයි. අද ලෝකේ ගොඩක් ඉන්නේ මනුෂ්‍යත්වයට වඩා පොකට් එක ගැන හිතන කලාකරුවෝ. හැබැයි ඒ අතර ඉන්නවා මනුස්ස්කම් තියෙන කලාකරුවෝ පිරිසක්. පෞද්ගලික න්‍යාය පත්‍රය පැත්තකට දාලා සියලු කලාකරුවෝ අද පලස්තීනය වෙනුවෙන් එකතුවෙන්න ඕන. මොකද මේ ඛේදවාචකයට මුහුණදීලා ඉන්නේ පුංචි දරුවෝ. ඒ දිහා නිහඬව බලාගෙන ඉන්න අපිට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. "
ඒ පුංචි උන් වෙනුවෙන් පොඩියට හරි සටන් කරමු - නාට්‍යවේදී අනුර දහනායක

"පල්ස්තීනයට ගහනවා; පොඩි උන් මැරෙනවා. අපි කලාකරුවෝ විදිහට අද මෙතනට ඇවිත් කොළයක් අත්සන් කරනවා. මේකෙන් පුළුවන් ද අපිට පලස්තීන යුද්ධය නවත්වන්න. මම විශ්වාස කරනවා පුංචි පුංචි දේවල් ගොඩක් එකතු වුනාම අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපි අද මේ පටන් ගන්න පුංචි අරගලය අනාගතේ නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දැවැන්ත අරගලයක් බවට පත් කරන්න අපිට පුලුවන් කමක් ලැබෙයි. අද පලස්තීනයේ මැරෙන පුංචි දරුවන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන එක තේරුමක් නෑ. පොඩියට හරි ඒ පුංචි උන් වෙනුවෙන් අපි සඨන් කරමු."
තවදුරටත් ලෝකයට මෙවැනි ලේ වැගිරීම් අවශ්‍ය නෑ - ලේඛක සහ විචාරක ජයසිරි අලවත්ත

"ලෝකෙ කොතන කවදා මොන විදිහේ යුද්ධයක් වුණත් ඒක මෙලෙච්ඡයි. මම අවුරුදු 15 ශිෂ්‍යයෙක් කාලේ ඉඳලා ලංකාවේ ඕන තරම් යුද්ධවලට මුහුණ දීලා තියනවා. අද පලස්තීනයේ දිගහැරෙන යුද්ධය 1940ටත් වැඩි ඉතිහාසයක් තියෙන යුද්ධයක්. අද ඊශ්‍රායල් ජාතිකයින් ඒ යුද්ධය එක්කම ඉතාම මෙලෙච්ඡත්වයට පරිවර්තනය වෙලා. ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්. අද ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව ක්‍රියාත්මක කරන මෙලෙච්ඡ ජන සංහාරයට එරෙහිවන අපි එකතුවෙන්න ඕන. තවදුරටත් ලෝකයට මෙවැනි ලේ වැගිරීම් අවශ්‍ය නෑ."




