The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

මුදල් අනුමත වනතුරු චෙම්මනි සමුහ සුසානයේ කැනීම් ඇණ හිටී

T

The Leader Desk

September 7, 2025 • 3:53 AM

මුදල් අනුමත වනතුරු චෙම්මනි සමුහ සුසානයේ කැනීම් ඇණ හිටී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයට අමතරව කැනීම්වලදී ගොඩ ගසා තිබියදී මතු කරගත් මිනිස් අස්ථි හා පාරිහාරික වස්තුන් සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට නීතිඥයා කටයුතු කර තිබුනි.
  • "ඇටසැකිලිවලට අමතරව, අස්ථි ගොඩවල් 14ක් සොයා ගෙන තිබෙනවා.
  • තවත් පාරිහාරික වස්තුන් ඇතුළු භාණ්ඩ 72කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා." චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
  • වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ඊයේ මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ සැප්තැම්බර් 18 දා ඊළඟ නඩු දිනයේදී තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු වෙනුවෙන් යෝජිත මුදල් ඇස්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට ඉහත අනුමත කරගත් මුදල් වලින් දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගත් මිනිස් අස්ථි අතුරින් පුද්ගලයන් 239 දෙනකුට අයත් අස්ථි ගොඩ ගෙන තිබු බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.

එයට අමතරව කැනීම්වලදී ගොඩ ගසා තිබියදී මතු කරගත් මිනිස් අස්ථි හා පාරිහාරික වස්තුන් සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට නීතිඥයා කටයුතු කර තිබුනි.

04 ch
"ඇටසැකිලිවලට අමතරව, අස්ථි ගොඩවල් 14ක් සොයා ගෙන තිබෙනවා. තවත් පාරිහාරික වස්තුන් ඇතුළු භාණ්ඩ 72කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා."

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.

 

අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත අගෝස්තු 14 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දක්වන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කර තිබුනේ දැනට කැන ඇති ප්‍රදේශයෙන් පිටතත් තව දුරටත් මිනිස් අස්ථි පැවැතිය හැකි බවට සාධක භූගර්භ සෝදිසියකින් හෙළිවී ඇති හෙයින් කැනීම් කටයුතු දිගටම සිදු කරගෙන යෑම සදහා තවත් සති අටක කාලයක් කැනීම් විශේෂඥයන් විසින් ඉල්ලා තිබු බවයි.

 

03 ch

 

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් ඊයේ මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ සැප්තැම්බර් 18 දා ඊළඟ නඩු දිනයේදී තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු වෙනුවෙන් යෝජිත මුදල් ඇස්තමේන්තුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි.  

එදිනට කැනීම් භුමිය සම්බන්ධයෙන් විශේෂඥ වාර්තා කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිඥයා වැඩි දුරටත් පවසා තිබුනි.

පෙර දිනයේ සොයාගන්නා ලද එරමිණිය ගොතා සිටින ආකාරයෙන් වලදමා තිබ් අංක 227 ඇටසැකිල්ල සමග වූ පස් නියැදි වැඩිදුර විශ්ලේෂණ සඳහා රස පරීක්ෂක වෙත යවා තිබේ.


මේ වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ වෝහාරික කැනීම් භුමිය 1 කොටස දිගින් මීටර 23 සෙන්ටීමීටර 40ක් හා පළලින් මීටර 11 යි සෙන්ටිමීටර 20 ක් දක්වා පුළුල් වී තිබේ.

සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.

එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි එවක මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කළේය.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.

 02 ch

ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුදල් අනුමත වනතුරු චෙම්මනි සමුහ සුසානයේ කැනීම් ඇණ හිටී | The Leader