ඔහු මෙම අදහස් පළ කළේ Waruna Rajapaksha youtube නාලිකාව තුළ සිදු කළ කරුනු ඉදිරිපත් කිරීමක දී ය.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් වරුණ රාජපක්ෂ පැවසුවේ වරායේ කන්ටේනර් නිදහස් කරන ක්‍රියා පිළිවෙත පිළිබඳ අවධානය යොමු කිරීමේ දී දැකගත හැකි විශේෂිත සිද්ධියක් ලෙස යට සඳහන් කළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් දෙක වරායෙන් පිටතට ගෙන ඇත්තේ ද මෙම දින කිහිපය ඇතුළත යැයි අනුමාන කළ හැකි බවයි.
මතු පළ වන්නේ වරුණ රාජපක්ෂ හෙළිදරව් කරන කරුණු අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
''අයිස් හදන්න කෙමිකල් ගෙනා කන්ටේනර් 02 වරායෙන් මුදා හැරලා තියෙන්නෙ ඒ ගැන සියලු තොරතුරු නාකොටික් එකට ලැබිලා තියෙද්දි…'' - Lankasara News
මිද්දෙණිය තලාව ප්‍රදේශයේ නිවසක වළ දමා තිබිය දී හමුවුන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණය සහිත කන්ටේනර දෙක ශ්‍රී ලංකා වරායට පැමිණෙන බවට ඇමරිකානු බුද්ධි තොරතුරක් මගින් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට දැනුම් දෙන්නේ පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ දී බවත් ඒ තොරතුර අනුව මෙම කන්ටේනර් දෙක වරායේ රඳවාගෙන තබාගෙන තිබූ බවත් සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයි Lankasara News වාර්තා කරයි.
එම පුවත් වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
''මෙතැම්ෆෙටමින් රසායනික ද්‍රව්‍ය නිශ්පාදනය සඳහා අවශ්‍ය රාසායන සහිත මෙම කන්ටේනර් දෙකේ රසායන ද්‍රව්‍ය සහිත කොටස් ආරක්ෂාව සඳහා පරිවාර ද්‍රව්‍යයකින් කන්ටේනරය පුරවා තිබූ බවත් මේ දැන් වළදමා ඇත්තේ එම පරිවාර ද්‍රව්‍ය බවත් විමර්ශන අංශ පවසයි.
දැනට සැක කරන ආකාරයට කන්ටේනර් තුළ සඟවා එවූ රසායන ද්‍රව්‍ය වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.
වාර්තාවන ආකාරයට මේ කන්ටේනර් දෙක පිටවන්නේ පසුගිය ජනවාරියේ දී ය. එනම් මේ රටේ බරපතල බහාලුම් තදබදයක් ඇති වී තිබුණු අවස්ථාවක දීය. නාකොටික් එකත් දැනුම්වත්ව පැවති විදේශ බුද්ධි තොරතුරක් මත වරාය තුළ රඳවාගෙන තිබූ මත්ද්‍රව්‍ය නිශ්පාදන රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් වරායෙන් පිටවී තිබුණු ආකාරය සම්බන්ධව බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇතැයි විමර්ශන අංශ කියයි.
වරායේ බහාලුම් තදබදය අතර මුදාහල කන්ටේනර් අතර මත්ද්‍රව්‍ය ටොන් ගණන් තිබූ බව විපක්ෂය මෙන්ම දැන් අත් අඩංගුවට පත් වී සිටින තුසිත හල්ලොලුවත් ප්‍රසිද්ධියේ මාධ්‍ය්‍යට ප්‍රකාශ කර තිබිණි.
එහෙත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ මෙම බහාලුම් දෙක රේගුව විසින් මුදාහල ආන්දෝලනයකට ලක් වූ බහාලුම් 323 ට අයත් නොවන බවය.
සබැඳි පුවත් :
මිද්දෙණියේ අයිස් නිෂ්පාදන බඩු තොගය ගැන හෙළිදරව්වක් - සැකකාර සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි




