මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.
අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකේ අයිතිකරුවන් සමඟ සිටියේ දේශපාලන මහත්වරුන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ඡායාරූප කීපයක්ද එහිදී මහජනතාවට ප්‍රදර්ශන කළේය.
''මේ උදවිය තමයි මේ මත්ද්‍රව්‍ය ජාලය පිටුපස්සේ සිටියේ'' යැයිද ඔහු පැවසුවේය.
කුඩු ජාවාරමට උදව් දුන් දේශපාලඥයන් කිසිවෙකුටත් නීතියෙන් ගැලවීමක් නොලැබෙන බවත් ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය වටගල වැඩිදුරටත් පැවසීය.
''ආණ්ඩුව අපේ පින්තූර පෙන්න පෙන්න මාධ්‍ය සාකච්ඡා කරනවිට පැය දොළහක් ඇතුළත 4 දෙනෙකුට වෙඩි තියලා ගිහින්'' - නාමල් රාජපක්ෂ
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, ආණ්ඩුව විසින් දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම්වලට එරෙහිව නීතිමය කටයුතු කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බවයි.
පක්ෂ මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම් ගැන ඉවසාගෙන සිටියත් මින් මතු එවැනි ඉවසීමක් සිදුනොකරන බවයි.
රත්තරන් අශ්වයින්ගේ කතා, ඩුබායි මැරියට් හෝටලයේ කතා, උගන්ඩාවේ සල්ලි කතා, රොකට් කතා ඇතුළු මඩ ගැසීම් රැසක් සිදු කළ බවත් වර්තමානයේදී කන්ටේනර් සිද්ධියක් මුල් කරගෙන මඩ ගැසීම යළි ආරම්භ කර තිබෙන බවත් මේ සියලුම කාරණා සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
කන්ටේනර් සිද්ධියේදී මීට පෙර ජනවාරි මාසයේ වරායේ කිසිදු පරීක්ෂාවකට ලක් නොකර පිටකළ කන්ටේනර් 323 කොහේ තිබෙනවාද කියා ආණ්ඩුව දන්නේද කියාත් ඒවායේ ගෙනා බඩු භාණ්ඩ මොනවාද කියා හෙළි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවාද කියා නාමල් රාජපක්ෂ විමසා සිටියේය.
එම කන්ටේනර් සිද්ධිය මුල් කරගෙන ආණ්ඩුව නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කිරීම් සිදුනොකරන අතර විපක්ෂය ඵල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා නොදී රාජපක්ෂවරුන්ට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කිරීම කණගාටුදායක බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අපේ පින්තූර පෙන්න පෙන්වා මාධ්‍යහමු පවත්වන විට පැය දොලහක් ඇතුලත හතර දෙනෙකුට වෙඩ්තබා ගොස් ඇති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර් වරායෙන් පරීක්ෂා නොකර පිටතට යැවූ කන්ටේනර්වලට සම්බන්ධ ද කියා සාධාරණ සැකයක් මතුවන බවත් ඒ ගැන ආණ්ඩුවෙන් තමා විමසන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
අයිස් නිෂ්පාදනය සදහා නුවරඑළියේ ඉඩම ලබා දී තිබෙන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව හෙළි කරන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවේදී රටේ පවතින ප්‍රචණ්ඩත්වය සහ රටේ සිදුවන පාතාල වෙඩි තබාගැනීම් නතර කිරීමට ආණ්ඩුවට නොහැකි බවත් ආණ්ඩුව කරන්නේ විරුද්ධ පක්ෂයට මඩ ගැසීම බවත් එවැනි තත්ත්වයන් වහාම වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ පැවසීය.
කන්ටේනර් 323 නිදහස් කිරීම සහ ඒවායේ තිබූ බඩු භාණ්ඩ පිළිබඳව රටට හෙළි කරන ලෙසට ආණ්ඩුවට තමා අභියෝග කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




