The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

‘සීමා නිර්ණය ඉදිරියට දමා, පළාත් සභා ඡන්දය අතුරුදන් කර තැබීමේ උත්සහයක්'

T

The Leader Desk

September 7, 2025 • 2:38 PM

‘සීමා නිර්ණය ඉදිරියට දමා, පළාත් සභා ඡන්දය අතුරුදන් කර තැබීමේ උත්සහයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාරණයක් ලෙස, වත්මන් ආණ්ඩුව විසින් ද නැවත යොදා ගැනීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
  • ''මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) ශ්‍රී ලංකා වාර්තාවට ලිඛිත ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය ‘සීමා නිර්ණය කටයුතු අවසන් වූ පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව’ දක්වා ඇත.
  • සිට පළාත් සභා ඡන්දය කල් දැමීම සඳහා එවකට සිටි රජයන් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සහ සීමා නිර්ණය සම්බන්ධයෙන් ‍වන ගැටළුව නිදහසට කරුණක් ලෙස යොදා ගෙන ඇත.
  • පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් 2023 – 2024 දී තීරණාත්මක විරෝධයක් දැක්වූ ජාතික ජනබලවේගය විසින් පාලනය කරන වත්මන් ආණ්ඩුව ද, වසරටක ආසන්න කාලයක් එම මාවතේම ගමන් කරමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

කාරණයක් ලෙස, වත්මන් ආණ්ඩුව විසින් ද නැවත යොදා ගැනීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව අවධාරණය කර සිටියි  

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

''මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) ශ්‍රී ලංකා වාර්තාවට ලිඛිත ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය ‘සීමා නිර්ණය කටයුතු අවසන් වූ පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව’ දක්වා ඇත.

2017 සිට පළාත් සභා ඡන්දය කල් දැමීම සඳහා එවකට සිටි රජයන් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සහ සීමා නිර්ණය සම්බන්ධයෙන් ‍වන ගැටළුව නිදහසට කරුණක් ලෙස යොදා ගෙන ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් 2023 – 2024 දී තීරණාත්මක විරෝධයක් දැක්වූ ජාතික ජනබලවේගය විසින් පාලනය කරන වත්මන් ආණ්ඩුව ද, වසරටක ආසන්න කාලයක් එම මාවතේම ගමන් කරමින් සිටී.


පලාත් සභා දැන් පවත්නා නීතිය අනුව පැවැත්විය නොහැකිව ඇත්තේ, එවකට පැවති දේශපාලන වියවුල නිසා, අග්‍රාමාත්‍යවරයා ගේ සමාලෝචන කමිටුවට මාස දෙකක් තුල සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිවූ නිසාය.  ආණ්ඩුවට පළාත් සභා ඡන්දය පැවැත්වීමට සැබෑ උවමනාවක් තිබේ නම්, අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් නව සමාලෝචන කමිටුවක් පත් කර මාස දෙකක් තුල එහි නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කර ඡන්දය පැවැත්විය හැකිය. (එවැනි කමිටුවක් නීත්‍යානුකුල නොවේ යැයි රජය සිතන්නේ නම්, පාර්ලිමේන්තුව අනුමැතිය සහිතව එය සිදු කළ හැකිය.)  


තාක්ෂණිකව, පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකිව ඇත්තේ පළාත් සභා සම්බන්ධයෙන්  ‘පවත්නා මැතිවරණය නීතියක් නොමැතිකම’ නිසාය. එයට පිළියම් යෙදිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණී.

පුරා වසරකට ආසන්න කාලයක් පලාත් සභා සීමා නිර්ණයේ ඉදිරි පියවර නොගෙන 2018 සිට පැවති ආණ්ඩු කටයුතු කළ ආකරයෙන්ම කටයුතු කර, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවට ඇඟ ගලවා ගැනීමේ ප්‍රතිචාරයක් ආණ්ඩුව විසින් ලබදා දී ඇත. එම පිළිතුර යථාර්ථයක් බවට පත්වීමට නම්, පලාත් සභා සම්බන්ධයෙන් ‘පවත්නා මැතිවරණය නීතියක්’ පාර්ලිමේන්තුව මගින් බලාත්මක කළ යුතුය.   පලාත් සභා ඡන්දය පැරණ සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව අවශ්‍යතාවයක් ඇති නම්, එය 2/3 බහුතරයෙන් පාර්ලිමේන්තුවේ නීති සම්මතයක් මගින් සිදු කළ හැකිය.

2015 දී සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටවනු ලැබූ නමුත්, එහි කාර්ය භාරය පිළිබඳ ජනවරම (mandate) ලබා දී නැත. එබැවින් කොමිෂන් සභාව එහි මුලික අරමුණ මත ක්‍රියාත්මක වන්නේ නැත. පොලිස්, අධිකරණ, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී වසම්, වන සංරක්ෂන, වන ජීවී, මිනින්දෝරු, ස්වදේශ කටයුතු සීමා නිර්ණය සම්බන්ධයෙන් ගැටළු රැසක් පවතී. ඒවා මිසඳීම සඳහා විධිමත්ව ස්ථාපනය කළ බලතල හා පහසුකම්  සහිත ජාතික සීමා නිර්ණය කොමිසමක අවශ්‍යතාව පවතින බව ද අවධාරණය කරේ.  

Rajith Keerthi| රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

rajith_tennakoon@yahoo.com
Rajith Keerthi Tennakoon
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...