The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

යුධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක තනතුර පුරප්පාඩු වී මසකට වැඩියි !

T

The Leader Desk

September 7, 2025 • 2:43 PM

යුධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක තනතුර පුරප්පාඩු වී මසකට වැඩියි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරප්පාඩු වී මසකට වඩා කාලයක් ගතවී ඇතත් අදාල තනතුරේ වැඩ ආවරනය කිරීම සදහා හෝ නිලධාරියෙකු ඒ සදහා මෙතෙක් පත් කර නොමැත.
  • එම තනතුරරෙහි රාජකාරී කල මේජර් ජෙනරාල් ජනිත් බණ්ඩාර ජුලි මස් 30 දිනවිශ්‍රාම ගත් පසු, මාසයකට වැඩි කාලයක් පුරාවට එම තනතුර හිස්ව ඇති හෙයින් මෙම ප්‍රමාදය, එහි පරිපාලන කාර්යයන් නිසිලෙස කළමනාකරණය කිරීම පිළිබඳව බරපතල ගැටලු රාශියක් ඇති කර තිබේ.
  • මෙම ප්‍රමාදය එම බලසේනාවේ බොහෝ නිලධාරීන් අතර අසතුටක් හා කලකීරීමක් ඇතිකර ඇතැයි වාර්තාවේ.
  • ජ්‍යෙෂ්ඨතාවය අනුව මීලගට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරී වනුයේ බ්‍රිගේඩියර් බන්දුල ලේකම්ගේ වන අතර සටන් බිමේ බොහෝ අත්දැකීම් සහිත පරිනත නිලධාරියෙකු වන ඔහු, 2025 නොවැම්බර් මාසයේදී විශ්‍රාම ගන්නට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

 පුරප්පාඩු වී මසකට වඩා කාලයක් ගතවී ඇතත් අදාල තනතුරේ වැඩ ආවරනය කිරීම සදහා හෝ නිලධාරියෙකු ඒ සදහා මෙතෙක් පත් කර නොමැත.

එම  තනතුරරෙහි රාජකාරී කල මේජර් ජෙනරාල් ජනිත් බණ්ඩාර ජුලි මස් 30 දිනවිශ්‍රාම ගත් පසු, මාසයකට වැඩි කාලයක් පුරාවට එම තනතුර හිස්ව ඇති හෙයින් මෙම ප්‍රමාදය, එහි පරිපාලන කාර්යයන් නිසිලෙස කළමනාකරණය කිරීම පිළිබඳව බරපතල ගැටලු රාශියක් ඇති කර තිබේ.

යුධ හමුදා මූලාශ්‍ර වලට අනුව, මෙම තනතුර සදහා ස්ථිරව යමෙක් පත්කරන තෙක් එහි රාජකාරී ආවරණය සදහා වැඩ බැලීමට නිලධාරියෙකු පත් කිරීම සතියකට අඩු කාලයකදී සිදු කල හැකි නමුදු, මෙම පත්කිරීම් දෙකම සිදු නොකිරීම නිසා ස්වේච්ඡා බලසේනාවේ බොහෝ පරිපාලන කටයුතු සදහා ගැටලු සහගත තත්වයක් උද්ගතව ඇත්තේ එහි නියෝජ්‍ය සේනාවිධායක දෛනික කාර්යයන් පරීක්ෂා කිරීමේ වගකීම දැරියයුතු වන හෙයිනි.

මෙම ප්‍රමාදය එම බලසේනාවේ බොහෝ නිලධාරීන් අතර අසතුටක් හා කලකීරීමක් ඇතිකර ඇතැයි වාර්තාවේ.

ජ්‍යෙෂ්ඨතාවය නොසලකා හරිමින් කනිෂ්ඨ නිලධාරියකු පත් කිරීමේ සුදානමක් !

ජ්‍යෙෂ්ඨතාවය අනුව මීලගට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරී වනුයේ බ්‍රිගේඩියර් බන්දුල ලේකම්ගේ වන අතර සටන් බිමේ බොහෝ අත්දැකීම් සහිත පරිනත නිලධාරියෙකු  වන ඔහු, 2025 නොවැම්බර් මාසයේදී විශ්‍රාම ගන්නට නියමිතය.

මෙම ජ්‍යෙෂ්ඨතාවය නොසලකා හරිමින් ජ්‍යෙෂ්ඨත්වයෙන් පහලින් සිටින කනිශ්ඨ නිලධාරියෙකු මෙම තනතුර සදහා පත් කිරීමට අයථා ලෙස උත්සාහ කරනුයේ 1985 ස්වේච්ඡා බලකා රෙගුලාසී මාලාවට පරිභාහිරව යමින් බව හමුදා මූලාශ්‍ර උපුටා දක්වයි.

එසේ අයථා ලෙස මෙම තනතුරට පත් කිරීමට උත්සාහ කරන කනිශ්ඨ නිලධාරියා විදේශ ගතව වැටුප් රහිතව නිවාඩුවක් ලබා ගත් අයෙකු විමේ හේතුව මත ඔහුගේ ජ්‍යෙෂ්ඨතාවය නීතිපති දෙපාර්ථමේන්තුවේ උපදෙස් අනුව යමින් අහිමි වී ඇත.

යුධ හමුදාධිපති විසින් ඔහුගේ අහිමි වූ ජ්‍යෙෂ්ඨත්වය නැවත ලබාදීම සදහා තදබල ලෙස උත්සාහ ක‍රමින් නැවතත් නිතිපති දෙපාර්තමේන්තුවෙන් පවා උපදෙස් අපේක්ෂා කර ඇතත් නිතිපතිවරයා පවා එය ප්‍රතික්ෂේප කර ඇත. ඊට හේතුව වන්නේ එවැනි ආකාරයෙන් තවත් නිලධාරී 47 දෙනෙකුගේ ජ්‍යෙෂ්ඨතාවය අහිමි වී ඇති අතර එක් නිලධාරියෙකුගේ ජ්‍යෙෂ්ඨතාවය පමනක් නැවත ලබා දීම අසාධාරණ වන නිසාවෙනි.

මෙසේ නියෝජ්‍ය සේනාවිධායක වරයෙකු පත්නොකිරීමේ හේතුව මත සමස්ථ ස්වේච්ඡා බල සේනාව තුලම නිවැරදි අධිකාරී තත්වයක් නොමැතිවීමේ හේතුවෙන් පරිපාලන කටයුතු රාශියක් සදහා බලපෑම් එල්ල වී ඇත.

මුලාශ්‍රය :

Deputy Commandant post in Volunteer Force vacant for over a month - By Maneshka Borham 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...