The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නිලංග වැඩ බලන දියවඩන නිලමේ ධුරයට

T

The Leader Desk

September 8, 2025 • 6:08 AM

නිලංග වැඩ බලන දියවඩන නිලමේ ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ නිර්දේශයද හිමිව තිබේ.
  • එහෙත් 2005 වසරේ දී එවකට දියවඩන නිලමේ ධුරය හෙබවූ නෙරංජන් විජයරත්න වෙනුවට වැඩ බැලීම සඳහා පත් කරනු ලැබුවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ රොහාන් පරණගමය.
  • ධුර කාලය නිමා වීමෙන් පසු මාස තුනක් ඇතුළත ශ්‍රී දළදා මාලිගාව සඳහා දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීමට ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනවරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ යුතුය.
  • ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 07 වැනිදාට පෙර දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ නිලවරණය පැවැත්විය යුතුව තිබෙන අතර එය නොවැම්බර් මස මැද භාගයේ දිනක පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සඳහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ නිර්දේශයද හිමිව තිබේ.

දියවඩන නිලමේවරයාගේ නිල කාලය අවසන් වීමෙන් පසු එම පදවියේ වැඩ බැලීම සඳහා බොහෝවිට පත් කරනු ලබන්නේ පදවියේ සිටි දියවඩන නිලමේවරයාමය.


එහෙත් 2005 වසරේ දී එවකට දියවඩන නිලමේ ධුරය හෙබවූ නෙරංජන් විජයරත්න වෙනුවට වැඩ බැලීම සඳහා පත් කරනු ලැබුවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ රොහාන් පරණගමය.
 
 
ධුර කාලය නිමා වීමෙන් පසු මාස තුනක් ඇතුළත ශ්‍රී දළදා මාලිගාව සඳහා දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීමට ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනවරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ යුතුය.
 
 
ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 07 වැනිදාට පෙර දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ නිලවරණය පැවැත්විය යුතුව තිබෙන අතර එය නොවැම්බර් මස මැද භාගයේ දිනක පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

දියඩවන නිලමේ ධුර කාලය හිස්ව පවතින කාල සීමාවේ දී වැඩ බැලීම සඳහා දියවඩන නිලමේවරයකු පත් කිරීම මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ නිර්දේශ මත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදු කරනු ලබයි.

දියවඩන නිලමේ ධුරය සඳහා පවත්වන නිලවරණයට ප්‍රදීප් නිලංග දෑල මෙවරත්..

දියවඩන නිලමේ ධුරය සඳහා පවත්වන නිලවරණයට අපේක්ෂකයකු ලෙස මෙවර ද ප්‍රදීප් නිලංග දෑල ඉදිරිපත් වීමට නියමිතය.

වර්ෂ 2005 දී හා 2015 දී පිළිවෙළින් ඡන්ද 199ක් හා 205ක් ලබා ගනිමින් නිලංග දෑල දියවඩන නිලමේ ධුරයට පත් වූ අතර ඔහු මෙවර ඉදිරිපත් වන්නේ තුන්වන වරටය.

ඔහු මෙවර ජයග්‍රහණය කළහොත් දියවඩන නිලමේ ධුරය වැඩිම කාලයක් හෙබවූ පුද්ගලයා ලෙස ඉතිහාසගත වනු ඇත.
 
 
මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ ද සම්ප්‍රදායානුකූලව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට දැහැත් පිළිගන්වා දියවඩන නිලමේ ධුරය ලබා ගැනීම සඳහා තරග වදින බව දැනුම් දී තිබේ.
 
 
මෙයට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන ගාමිණි කලුහෙන්දිවල ද ගිහි බෞද්ධයන්ගේ නායකයා වීමේ අපේක්ෂාවෙන් දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ නිලවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇත.
 
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, උඩරට රාජධානියට අයත්ව තිබූ රජමහා විහාරස්ථානයන්හි විහාරාධිපතිවරු, භාරකරවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ විහාර දේවාලගම් පනත යටතේ ගැසට් කර තිබෙන දෙවාල 31ක බස්නායක නිලමේවරු 270 පමණ පිරිසක් දියවඩන නිලමේ ඡන්දයේ දී ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබති.

(aruna | කමල් සුරවීර - මහනුවර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිලංග වැඩ බලන දියවඩන නිලමේ ධුරයට | The Leader