ඒ ඔහු අද (08) මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මොහු මුදා හැරිය බව වාර්තාවේ.
ඉහත චෝදනා සම්බන්ධයෙන් කළ දැනුම්දීමක් මත පසුගිය අගෝස්තු 29 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොච්චිකඩේ පොලිසිය වෙත භාර වූ අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ වෙත ඉදිරිපත් කරනු ලැබිය.
ගිනි අවි අඥා පනත යටතට ගැනෙන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න යන දෙදෙනා ලබන සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ එදින (29) නියෝග කළේය.
වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක්...
මෙසේ ඔහුව රිමාන්ඩ් බාරයට පත් වූයේ වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙනි.
2006 මාර්තු 08 වැනි දා රුද්‍රිගුගේ සුනිල් විල්බට් සිල්වා යන අයගේ නිවසට රාත්‍රියේ පිරිසක් සමග ඇතුළු වී වෙඩි තැබීම, ලක්ෂ 28ක දේපල හා රන් භාණ්ඩ මංකොල්ල කෑම ඇතුළු ගිනි අවි අඥා පනතේ 26 වන වගන්තිය යටතේ ඇප ලබා දීමට නොහැකි වරදක් සිදු කර ඇති බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවත්, ලබන සැප්තැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා එදින නියෝග කළේය.
සබැඳි ලිපි :
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාත් රිමාන්ඩ්
දේශපාලනඥයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? | රොහාන් සමරජීව
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාට ඇප
T
The Leader Desk
September 8, 2025 • 7:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ ඔහු අද (08) මීගමුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
- එහිදී රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මොහු මුදා හැරිය බව වාර්තාවේ.
- ඉහත චෝදනා සම්බන්ධයෙන් කළ දැනුම්දීමක් මත පසුගිය අගෝස්තු 29 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොච්චිකඩේ පොලිසිය වෙත භාර වූ අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ වෙත ඉදිරිපත් කරනු ලැබිය.
- වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



