ශක්තිමත් කිරීම තුළින් ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථායිතාව වර්ධනය කිරීම පිණිස සාම්පූර් ප්‍රදේශයේ නව ග්‍රිඩ් උපපොළක් ඉදිකිරීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මුල්ගල තැබී ය.
කර්මාන්ත සහ නිවාස සඳහා අවශ්‍යය විදුලිබලය අඛණ්ඩව...
නැගෙනහිර පළාතේ නිෂ්පාදනය වන පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරගැනීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද නැගෙනහිර පළාත පුරා විදුලිබල සැපයුම ඉහළ නැංවීමට මෙන්ම පළාතේ කර්මාන්ත සහ නිවාස සඳහා අවශ්‍යය විදුලිබලය අඛණ්ඩව සහ විශ්වසනීය ලෙස ලබාදීම සහතික කිරීමටත් මෙම ග්‍රිඩ් උපපොළ පිහිටුවීම ඉතා වැදගත් වන අතර ඊළඟ පියවරේ දී ඉදිවන 220kV සාම්පූර් සහ කප්පල්තුරෛ සම්ප්‍රේෂණ මාර්ගයක් මෙන්ම කප්පල්තුරෛ සිට හබරණ දක්වා ඉදිවන කිලෝමීටර් 77ක සම්ප්‍රේෂණ මාර්ගයකින්ද සමන්විත වන බව බලශක්ති අමාත්‍යංශය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා...
ශ්‍රමිකයන් සපයා ගැනීමේ දී ප්‍රදේශයේ ජනතාවට වැඩි අවස්ථා
'' රජයේ අරමුණ රටේ සෑම ප්‍රදේශයක්ම එක ලෙස සංවර්ධනය කිරිම යි. විදුලිබල සැපයුම එහිදී ඉතා වැදගත් වෙනවා. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට අවශ්‍යය පාරිසරික තත්ත්වයන් හා පිහිටීම ඇති සාම්පූර් ප්‍රදේශයේ ඇති එම හැකියාව උපරිම අයුරින් භාවිත කිරීම සංවර්ධන අරමුණු ජයගැනීමට ඉවහල් වෙන බවට විශ්වාසයි. එමෙන්ම මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍යය පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් සපයා ගැනීමේ දී හැකි තරම් ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව සලසා දෙන්න; ඒ වගේ ම ජනතාවගේ ගැටලු ගැන අවධානයෙන් කටයුතු කරන්න කියල අපි ඉදිකිරීම් බාර නිලධාරීගෙන් ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති), ව්‍යාපෘති අධ්‍යක්ෂ (සාම්පූර්), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නැගෙනහිර පළාත), ව්‍යාපෘති කළමනාකරු (සාම්පූර්) ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් සහභාගී වූහ.




