The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

කොවිඩ් කාලෙ­වත් රතු ලේබල් ඇති එකම කන්ටේ­න­ර­යක් වත් පරීක්ෂා නොකර නිද­හස් කර නෑ - පොහොට්ටු මහ ලේකම්

T

The Leader Desk

September 9, 2025 • 3:45 AM

කොවිඩ් කාලෙ­වත් රතු ලේබල් ඇති එකම කන්ටේ­න­ර­යක් වත් පරීක්ෂා නොකර නිද­හස් කර නෑ - පොහොට්ටු මහ ලේකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ මූල­ස්ථා­න­යේදී ඊයේ (08) පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.
  • එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හිටපු මන්ත්‍රී­ව­රයා මෙලෙස ද කීවේය.
  • “මේ රටේ ඉති­හා­සයේ දරු­ණුම, භයා­නක චෝද­නාව ලෙස කිසිදු පරී­ක්ෂා­ව­කින් තොරව රතු ලේබල් සහිත කන්ටේ­නර් 323ක් නිද­හස් කළා.
  • රේගු නිල­ධාරි සංග­මය ප්‍රකාශ කරන්නේ කිසි­සේත්ම නිද­හස් නොකළ යුතුව තිබූ රතු ලේබල් සහිත බහා­ලුම් 323ක් නිද­හස් කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ මූල­ස්ථා­න­යේදී ඊයේ (08) පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හිටපු මන්ත්‍රී­ව­රයා මෙලෙස ද කීවේය.

“මේ රටේ ඉති­හා­සයේ දරු­ණුම, භයා­නක චෝද­නාව ලෙස කිසිදු පරී­ක්ෂා­ව­කින් තොරව රතු ලේබල් සහිත කන්ටේ­නර් 323ක් නිද­හස් කළා. වරායේ රේගුවේ ඉතාම දැඩි තද­බ­දය තිබූ කාල­සී­මාව තමයි කොවිඩ් කාල­සී­මාව. ඒ කාල­සී­මා­වෙ­වත් එක රතු ලේබල් සහිත කන්ටේ­න­ර­ය­ක්වත් පරීක්ෂා කිරී­ම­කින් තොරව නිද­හස් කිරී­මක් රේගුව විසින් සිදු කර නෑ.

ලංකා ඉති­හා­සයේ ප්‍රථම වතා­වට රේගුවේ බොරු තද­බ­ද­යක් මවලා කියලා දැන් කතාව තිබෙන්නේ. එවැනි තද­බ­ද­යක් ඉන්පසු තිබු­ණෙත් නෑ. ඊට කලින් තිබු­ණෙත් නෑ. රේගු නිල­ධාරි සංග­මය ප්‍රකාශ කරන්නේ කිසි­සේත්ම නිද­හස් නොකළ යුතුව තිබූ රතු ලේබල් සහිත බහා­ලුම් 323ක් නිද­හස් කළ බවයි. ඒ විත­රක් නොවේ, 323ට අම­ත­රව ඒ ආසන්න කාල­සී­මාවේ තවත් මෙවැ­නිම වූ ආකා­රයේ රතු ලේබල් සහිත කන්ටේ­නර් විශාල ප්‍රමා­ණ­යක් නිද­හස් වී ඇති බව කිය­නවා.

අර්චුනා මන්ත්‍රී­තුමා පාර්ලි­මේ­න්තුවේ ප්‍රකාශ කර සිටියා, මේ කන්ටේ­න­ර්වල ප්‍රභා­ක­රන්ට ලංකා­වට ගෙන ඒමට නොහැකි වූ අවි ආයුධ තිබුණා කියලා. ඊට අම­ත­රව මත්ද්‍රව්‍ය, තහ­නම් ද්‍රව්‍ය සහ මුදල් මේ කන්ටේ­න­ර්වල තිබුණා කියලා විවිධ සැක සංකා මතු වුණා. අපි මේ සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් කර තිබෙ­නවා. නමුත් අද වන­තුරු එයට පිළි­තු­රක් නෑ.

 නාමල්ගේ ජීවි­ත­යට යම්කිසි හානි­යක් කිරීමේ සුදානමක් !

නමුත් මේ ඊයේ පෙරේදා අයිස් මත්ද්‍රව්‍ය නිප­ද­වන්න අමු­ද්‍රව්‍ය ගෙනාවා කියන කන්ටේ­න­ර­යක් සම්බ­න්ධ­යෙන් පොලී­සිය ඉතා ඉක්ම­නින් මැදි­හත් වී ප්‍රකාශ කර සිටි­නවා, මේ කන්ටේ­න­රය අර කන්ටේ­නර් 323ට අයත් නොවන බව. ඒ සම්බ­න්ධ­යෙන් ඔවුන් ඉතා හොඳින් දැනු­ම්වත්. නමුත් ඒ තොර­තුරු රටට හෙළි නොකර සඟවා සිටින්නේ ඇයිද කියන කාර­ණය සම්බ­න්ධ­යෙ­නුත් ඉතාම දැඩි ප්‍රශ්න­යක් උද්ගත වී තිබෙ­නවා. පොලි­ස්ප­ති­තු­මා­ගෙන් මේ ප්‍රශ්න කිහි­පය අහන්න කැම­තියි.

මේ සම්බ­න්ධ­යෙන් නාමල් රාජ­පක්ෂ මහ­තාගේ නම ඈඳන්න උත්සාහ කර­නවා. මෙය ඉතාම භයා­නක කුම­න්ත්‍ර­ණ­යක කොට­සක් විය හැකි බව මේ රටේ ජන­තා­වට කියා සිටි­නවා. නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වර­ද­කට ඈඳන්න හදන්නේ රජයේ පාර්ශ්ව­යක් විසින්ම ඔහුගේ ජීවි­ත­යට යම්කිසි හානි­යක් කර එය පාතාලේ අතර ප්‍රශ්න­යක් හැටි­යට අර්ථ දක්වන්න දරන උත්සා­හ­යක් ද කියන සාධා­රණ සැක­යක් තිබෙ­නවා.”

 (දිනමිණ | මහින්ද අලු­ත්ගෙ­දර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...