The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

වරායේ තිබෙන සැක කන්ටේනරයක් පරික්ෂාවට පොලීසියෙන් පියවර

T

The Leader Desk

September 9, 2025 • 4:40 AM

වරායේ තිබෙන සැක කන්ටේනරයක් පරික්ෂාවට පොලීසියෙන් පියවර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිද්දෙ­ණි­යේදී සොයා­ගත් කන්ටේ­නර් දෙකට සම්බ­න්ධ­කම් ඇතැයි පැව­සෙන අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට යොදා ගන්නා රසා­ය­නික ද්‍රව්‍ය ඇතැයි සැක කරන කන්ටේ­න­ර­යක් ඉදිරි දින කිහි­පය තුළ පරීක්ෂා කිරී­මට නිය­මි­තව ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කරයි.
  • එම කන්ටේ­න­රය මෙතෙක් කොළඹ වරාය භාර­යෙන් නිද­හස් කර නැති බවත් ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා වන විට එම කන්ටේ­න­රය සම්බ­න්ධ­යෙන් සියලු ආර­ක්ෂක පිය­වර ගෙන ඇති බවත් පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.
  • මිද්දෙ­ණි­යෙන් සොයා­ගත් කන්ටේ­නර් දෙක සම්බ­න්ධ­යෙන් පොලි­ස්ප­ති­ව­ර­යාට ඉකුත් අගෝස්තු මාස­යේදී තොර­තුරු ලබා­දුන් පොලිස් නිල­ධා­රි­යාම මෙම කන්ටේ­න­රය ගැනද තොර­තුරු ලබා දී ඇති බව සඳ­හන්ය.
  • අදාළ නිල­ධා­රියා විසින් සිය ඉහළ නිල­ධා­රීන් මඟින් යොමු­කර තිබූ එම තොර­තුර විම­ර්ශ­නය කිරී­මට පොලි­ස්ප­ති­ව­රයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට යොමු­කර තිබී ඇති බව ද සඳ­හන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මිද්දෙ­ණි­යේදී සොයා­ගත් කන්ටේ­නර් දෙකට සම්බ­න්ධ­කම් ඇතැයි පැව­සෙන අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට යොදා ගන්නා රසා­ය­නික ද්‍රව්‍ය ඇතැයි සැක කරන කන්ටේ­න­ර­යක් ඉදිරි දින කිහි­පය තුළ පරීක්ෂා කිරී­මට නිය­මි­තව ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කරයි.

එම කන්ටේ­න­රය මෙතෙක් කොළඹ වරාය භාර­යෙන් නිද­හස් කර නැති බවත් ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා වන විට එම කන්ටේ­න­රය සම්බ­න්ධ­යෙන් සියලු ආර­ක්ෂක පිය­වර ගෙන ඇති බවත් පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

 

මිද්දෙ­ණි­යෙන් සොයා­ගත් කන්ටේ­නර් දෙක සම්බ­න්ධ­යෙන් පොලි­ස්ප­ති­ව­ර­යාට ඉකුත් අගෝස්තු මාස­යේදී තොර­තුරු ලබා­දුන් පොලිස් නිල­ධා­රි­යාම මෙම කන්ටේ­න­රය ගැනද තොර­තුරු ලබා දී ඇති බව සඳ­හන්ය.

 

එම කන්ටේ­න­රය මෙතෙක් පරී­ක්ෂා­ව­කට ලක්කර නැති බව පොලිස් දිනය පැවැති දා පොලි­ස්ප­ති­ව­රයා දැනු­ම්වත් කිරී­මට අදාළ නිල­ධා­රි­යාගේ පාර්ශ්ව­යෙන් කට­යුතු කර ඇති බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

අදාළ නිල­ධා­රියා විසින් සිය ඉහළ නිල­ධා­රීන් මඟින් යොමු­කර තිබූ එම තොර­තුර විම­ර්ශ­නය කිරී­මට පොලි­ස්ප­ති­ව­රයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට යොමු­කර තිබී ඇති බව ද සඳ­හන්ය.

 ඒ ගැන පොලි­ස්ප­ති­ව­රයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ ඉහළ නිල­ධා­රි­ය­කු­ගෙන් විම­සන තුරුම අදාළ කන්ටේ­න­රය සම්බ­න්ධ­යෙන් නිසි ක්‍රියා­මාර්ග ගෙන නැති බව අනා­ව­ර­ණය වී තිබේ.

(දිනමිණ | ගයාන් කුමාර වීර­සිංහ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...