සැකකරු බන්ධනාගාර නිළධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.
අගවිනිසුරුවරයා සිය ආරක්ෂක නිලධාරීන්ද සමග කොළඹ ග්‍රෙගරි ප්‍රදේශය වෙත ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී එම ප්‍රදේශයෙහි නිවසක සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අගවිනිසුරුවරයා ගමන් ගත් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂක රථය ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට හා සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
සැකකාර පුද්ගලයා වීඩියෝ ගත කළ දර්ශන වෙනත් පාර්ශවයක් වෙත යවා තිබේද එසේ යවා තිබේ නම් කුමන හේතුවක් නිසාද යන්න යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා විමර්ශන සිරු කරන බව පොලීසිය කරුණු දක්වමින් පැවසීය.
( ලංකාදීප | රෝෂන් තුෂාර)




