The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නේපාලයේ දරුණු ගැටුම් මැද ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය කුමක් ද?

T

The Leader Desk

September 10, 2025 • 4:15 AM

නේපාලයේ දරුණු ගැටුම් මැද ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදුවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පූර්වාරක්ෂ පියවර ගන්නා ලෙසත්, ගෘහස්ථව රැඳී සිටින ලෙසත් එමගින් නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ව දැනුවත් කර ඇත.
  • එමෙන් ම සෑම විට ම ජලය සහ වියළි ආහාර ළඟ තබා ගන්නා ලෙසට උපදෙස් දී ඇති අතර ඖෂධ භාවිත කරන පිරිස් ඒවා නිතර ම ළඟ තබා ගත යුතු බවට ද එමගින් දැනුම් දී ඇත.
  • එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා +977- 9851048653 අංකයෙන් සම්බන්ධ කර ගත හැකි බව ද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.
  • ''නේපාල වෙසෙන ලාංකිකයින් ආරක්ෂිතයි'' නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සිදුවිය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පූර්වාරක්ෂ පියවර ගන්නා ලෙසත්, ගෘහස්ථව රැඳී සිටින ලෙසත් එමගින් නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ව දැනුවත් කර ඇත.

එමෙන් ම සෑම විට ම ජලය සහ වියළි ආහාර ළඟ තබා ගන්නා ලෙසට උපදෙස් දී ඇති අතර ඖෂධ භාවිත කරන පිරිස් ඒවා නිතර ම ළඟ තබා ගත යුතු බවට ද එමගින් දැනුම් දී ඇත.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා +977- 9851048653 අංකයෙන් සම්බන්ධ කර ගත හැකි බව ද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

''නේපාල වෙසෙන ලාංකිකයින් ආරක්ෂිතයි''

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය එරට සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ සෙසු ජන කොටස් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවය.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගණන 102ක් වන අතර, ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

WhatsApp සමූහා ඔස්සේ යොමු කළ පණිවිඩ මගින් දැනටමත් ඔවුන් සම්බන්ධ කර ගෙන ඇති බව ද එම අමාත්‍යංශ සඳහන් කළේ ය.

මේ දක්වා එරට කිසිදු රජයේ කාර්යාලයක් ක්‍රියාකත්මක නොවන බවත් එරට විදේශ ඇමතිනියට ද ඇගේ නිවසේදී ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නේපාලයේ දැන් තත්ත්වය ?

සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිව නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස සහ රටේ විවිධ ප්‍රදේශවල Gen Z නමින් හැඳින්වෙන තරුණ පරම්පරාව විසින් පවත්වන ලද වීදි විරෝධතා අතරතුර පොලිසිය මාරාන්තික බලය යෙදවීමත් සමග රට පුරා පැවති විරෝධතා උත්සන්න වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත හා දේපළ හානි සිදුවිය.

වත්මන් අර්බුදයට ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා මග පෑදීම විවර කිරීමට බව පවසමින් නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් විසින් එය පිළිගනු ලැබ තිබේ.

බලධාරීන් විරෝධතාකරුවන් සමග කටයුතු කළ ආකාරය පිළිබඳව අතෘප්තිය පළ කරමින් කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය රාම් නාත් අධිකාරි ඉල්ලා ද මීට පෙර ඉල්ලා අස් විය.

තව ද ජල සම්පාදන අමාත්‍ය ප්‍රදීප් යාදව් ද සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ.

එමගින් ඔහු "රජය විසින් ගෙන යන මර්දනයට විරුද්ධ වන Gen Z තරුණයින්ට සහයෝගය" ප්‍රකාශ කළේය.

විරෝධතා අතරතුර තම පරිපාලනය බලය යෙදවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමෙන් පසුව, සඳුදා ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් ද ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබිණි.


ruters

අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පවා විරෝධතාකරුවන් කත්මණ්ඩු නුවර විවිධ ස්ථානවලට ගිනි තබා ඇති අතර, ඇතැම් ස්ථානවල ජයග්‍රාහී රැලි පවත්වා තිබේ.

කත්මණ්ඩු නිම්නයේ දිස්ත්‍රික්ක තුනක් ඇතුළුව විවිධ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනය විසින් දින නියමයක් නොමැතිව පනවා ඇති ඇඳිරි නීතිය නොතකා විරෝධතා අඛණ්ඩව සිදුවන වේ.

ඇතැම් ස්ථානවල විරෝධතාකරුවන් විසින් දේශපාලනඥයින්ට සහ රජයේ කාර්යාලවලට පහර දී, විනාශ කර, ගිනි තබා ඇත.

කෝපයට පත් විරෝධතාකරුවන් නැවතත් නයා බනේෂ්වර්හි ෆෙඩරල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පහර දී ගිනි තබා තිබේ. විරෝධතාකරුවෝ ඊයේ [සැප්තැම්බර් 9] දිනයේදී ද එයට ගිනි තබා තිබිණි.

හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක් ඝාතනය කරලා

මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක් විරෝධතාකරුවන් විසින් ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර් බවය.

ඇයව විරෝධතාකරුවන් විසින් කත්මණ්ඩු නුවර පිහිටි නිවසේ සිරකර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වේ.

මේ වන විටි ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 22 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ (09) රාත්‍රී 10 සිට එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.


(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...