The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකියි -කතානායක දැනුම්දෙයි

T

The Leader Desk

September 10, 2025 • 4:33 AM

 අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකියි -කතානායක දැනුම්දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (10දා) පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
  • එහිදී කථානායකවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවය.
  • නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරුද්ධවත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න පුළුවන් - විපක්ෂ නායක කතානායකවරයාගේ ප්‍රකාශයට අභියෝගයට ලක්කරමින් අදහස් දැක්වූ විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරුද්ධවත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හැකි බව කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (10දා) පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී කථානායකවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභාංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවය.



නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරුද්ධවත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න පුළුවන් - විපක්ෂ නායක

කතානායකවරයාගේ ප්‍රකාශයට අභියෝගයට ලක්කරමින් අදහස් දැක්වූ විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරුද්ධවත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හැකි බව කියා සිටියේය.

Erskine May, Kaul & Shakdher වැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන සදහන්ව ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයකු විධායකයේ කොටසක් බවට‌ පත්වන විට ස්ථාවර නියෝගවල සඳහන්ව නැතැයි කියා විශ්වාසභංගයක් ගෙන ඒම බැහැර කළ නොහැකි බවත් ස්ථාවර නියෝගවල අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා ගැන නිශ්චිත සඳහනක් නොතිබුණත් ඒ නිශ්ශබ්ධතාවයෙන් හැගෙන්නේ මේවා ගෙන එන්න බැහැ කියන එක නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) ව්‍යවස්ථාවට අනුව නියෝජ්‍ය අමාත්‍යවරයකු විධායක බලතල ක්‍රියාත්මක කරන නිසා එලෙස විශ්වාසභංග යෝජනා ගෙන ඒම සම්ප්‍රදායක් බවත් එය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායක් බවත් විශේෂයෙන්ම 45 (3) ව්‍යවස්ථාව යටතේ පුළුල් ව්‍යවස්ථාමය රාමුව තුළින් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

කතානායකවරයා පාර්ලිමේන්තු ක්‍රම ගැන ඇති පූර්වාදර්ශ පරිශීලනය කළා නම් නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බවත් නීතිපතිවරයාගේ උපදෙස් මෙන්ම ලේකම්වරුන්ගේ කාර්ය මණ්ඩලය ලබා දුන් වර්තා සභාගත කරන ලෙසත් මේවා පරිශීලනය කර විපක්ෂයේ මතය සභාවට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පැවසීය.


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...