The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

නේපාලයේ මිලේච්ඡ ක්‍රියා අනුමත කළ නොහැකියි - හිටපු ජනාධිපති රනිල්

T

The Leader Desk

September 10, 2025 • 9:37 AM

 නේපාලයේ මිලේච්ඡ ක්‍රියා අනුමත කළ නොහැකියි - හිටපු ජනාධිපති රනිල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුදුන් වහන්සේ උපන් නේපාලයේ මෙලෙස මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද රනිල් වික්‍රමසිංහ කියා සිටියි.
  • හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මගේ අවධානය යොමුව තිබේ.
  • නේපාලයේ සිදුවූ සියලුම ආකාරයේ තරුණයන් ඇතුළු මිනිස් ඝාතන පළමුවෙන්ම හෙළා දකිමි.
අකුරු ප්‍රමාණය (Font Size):


බුදුන් වහන්සේ උපන් නේපාලයේ මෙලෙස මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද රනිල් වික්‍රමසිංහ කියා සිටියි.

හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන මාධ්‍ය ගණනාවක්ම විමසීම් කරනු ලැබිණ.

නේපාලයේ සිදුවූ සියලුම ආකාරයේ තරුණයන් ඇතුළු මිනිස් ඝාතන පළමුවෙන්ම හෙළා දකිමි.

එලෙසම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැති බිරිඳ ඝාතනය කිරීම අතිශය ශෝකජනක තත්ත්වයකි. ඒ ඝාතනය ගැන කණගාටුව ප්‍රකාශ කරමි. එසේම ඇමතිවරුන්ට සහ විශේෂයෙන්ම විදේශ ඇමතිනියට පහරදීමද ඇති වූ ඛේදවාචකයේ තවත් දිගුවකි. එමගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය විය. මෙවැනි ක්‍රියා මගින් පහර වදින්නේ නේපාලයේ කීර්ති නාමයටය. එය නේපාලයට අවනම්බුවකි.

කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග යා යුතුව තිබුණේ නැත. පොලීසිය විසින් කරනු ලැබූ වෙඩි තැබීම්ද අනුමත කළ නොහැකිය.  ප්‍රථම දිනයේදීම වෙඩි නොතබා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට හැකියාව පැවැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙවැනි සිද්ධි හමුවේ ඇති විය හැකි භයානක තත්ත්වයක්ද වේ. ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකිය.

නේපාලයේ කාලයක් පුරා ප්‍රශ්න ගණනාවක්ම පැවතිණි. ඒවාට රජයේ අවධානය යොමු වූයේ නැත. සෑම අයෙකුම කළේ දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව එදිනෙදා දේශපාලනය කිරීම මිස උග්‍ර ප්‍රශ්නවලට විසඳුම් සෙවීම නොවේ.

මේ නිසා තරුණ පරපුර අතර විශාල කලකිරීමක් හට ගෙන තිබිණ. ඒ අතරවාරයේදී සමාජ මාධ්‍ය ආරක්ෂණය නොකර ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් අර්බුධය පුපුරා ගියේය.

පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ‍ලෙස සැලකෙන්නේ ඒවා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවේ. පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් ගිනි තැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයකි.

කෙසේ වුවත් අවසානයට ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති නේපාලයකි. රට තුළ සාමය ඇතිකර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය බලය ගත් හමුදාවේ වගකීම වන්නේය.

බුදුරජාණන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාවට සුවිශේෂ රටකි. එවැනි රටක මේ ආකාරයේ මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය. රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය ද මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ යයි සිතීමට පුළුවන.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමගිව රැස්වී, සමගිව සාකච්ඡා කර, සමගිව විසිරී යන ලෙසය. බුදුන් දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපෙක්ෂා කරමි.

add

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...